දරුවාට යතුරුපැදිය දුන් දෙමව්පියන්ට දඩ
ආදායම් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය නොමැතිව හා පොලිස් අණ නොතකා යතුරුපැදියක් පැදවීමේ චෝදනාවට වරදකර වූ දාහත් හැවිරිදි පාසල් සිසුවකු හට තරයේ අවවාද කළ ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාන එකී සිසුවාගේ දෙමව්පියන් හට රුපියල් 70,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබේ.
මෙවැනි පාසල් සිසුන් හට වාහනයක් ලබාදීම මගින් දෙමාපියන් බලවත් වරදක් සිදුකර තිබෙන බවත් එම ක්‍රියාව මගින් මහමග ගමන් කරන ජනතාවට මෙන්ම එම සිසුවාට ද අනතුරුදායක තත්ත්වයක් උද්ගත විය හැකි බැවිනුත්, ඉදිරියේදී මෙවැනි අනතුරුදායක තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගත යුතු බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා දෙමාපියන්ට අවවාද කර තිබේ.
මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සිසුවාගේ දෙමව්පියන් මෙම වරද සිදුකර ඇති බවත්, එබැවින් දඩ මුදල දෙමව්පියන් විසින් ගෙවිය යුතු බවටත් අවවාද කර සිටියේය.
ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ සැරයන් 950 සිසිර පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.