මහපාරේ පිස්සෝ වගේ බයික් පැද්දොත් වැඩ වරදී

Report

පානදුර උතුර පොලීසිය පවසන්නේ මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැදවූ තරුණයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිසිය වැඩිදුරටත් සදහන් කරන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව, එගොඩ උයන සහ පානදුර ප්‍රදේශයේ පදිංචි 18,19,20,21 සහ 22 වයසැති තරුණයින් බවයි.

රියදුරන්ට නිවේදනයක් - අනුගමනය කලයුතු පියවර මෙන්න

රියදුරන්ට නිවේදනයක් - අනුගමනය කලයුතු පියවර මෙන්න

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාත්‍රි කාලයට පැරණි ගාලු පාරේ මහජනතාවට පීඩාකාරී වන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් යතුරුපැදි රේස් පවත්වන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද පණිවිඩ මත පානදුර පැරණි ගාලුපාරේ ජුබිලි හන්දියේ සහ ඒ අවට තැන තැන මාර්ග බාධක යොදා කල වැටලීමකදී යතුරුපැදි 4ක් සහ තරුණයින් 7 දෙනෙකුය.

ලිංගික අපයෝජන හා මත්ද්‍රව්‍ය නිසා සුපිරි නළුවෙක් සියදිවි නසාගනී

ලිංගික අපයෝජන හා මත්ද්‍රව්‍ය නිසා සුපිරි නළුවෙක් සියදිවි නසාගනී

පොලිසිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාල යතුරුපැදි වල සයිලන්සර් කපා හැඩ වෙනස් කර තිබූ බවත් ඒවා යතුරුපැදි රේස් වලදී හදුනාගැනීමට අංක කර තිබූ බවත්ය. පානදුර උතුර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.