රියදුරන්ට නිවේදනයක් - අනුගමනය කලයුතු පියවර මෙන්න

Report

උත්සව සමය හේතුවෙන් දිවයිනේ අධිවේගී මාර්ගවල පවතින දැඩි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රියදුරන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි පවසා සිටියි.

අද (24) මගනැගුම මහමැදුර පරිශ්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ නත්තල් උත්සවය, දීර්ඝ සති අන්තය සහ වසර අවසාන නිවාඩුව හේතුවෙන් මේ දිනවල අධිවේගී මාර්ග භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

ජපානේ මැද පිහියක් බෙල්ලට තියන් පිස්සු නටපු ශ්‍රී ලාංකිකයෙක්

ජපානේ මැද පිහියක් බෙල්ලට තියන් පිස්සු නටපු ශ්‍රී ලාංකිකයෙක්

රථවාහන දත්ත වාර්තා අනුව දෙසැම්බර් 17 වැනිදා වාහන 162,026ක් දිවයින පුරා අධිවේගී මාර්ග භාවිතා කර ඇති අතර ඉන් 44,013ක් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කර ඇත.

එමෙන්ම සීදුව පිවිසුමෙන් පමණක් වාහන 17,850ක් පිටවී තිබෙන බවත් දෙසැම්බර් 23 වැනිදා වන විට සමස්ත වාහන සංඛ්‍යාව 163,918 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙන්නේ නැද්ද? සජිත්ගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙන්නේ නැද්ද? සජිත්ගෙන් ප්‍රකාශයක්

ඒ අනුව කොළඹ - කටුනායක මාර්ගය භාවිතා කළ වාහන සංඛ්‍යාව 48,736ක් වූ අතර සීදුවෙන් පිටවූ වාහන සංඛ්‍යාව 18,681ක් වන අතර පිටවීමේ දොරටු අසල පවතින ප්‍රමාදය අවම කර ගැනීම සඳහා රියදුරන් පහත පියවර අනුගමනය කළ යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

ඊට අනුව

  • මුදල් ගෙවීමේ දොරටු වෙත පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රය සහ මුදල් හෝ කාඩ්පත් සූදානම් කර තබා ගැනීම
  • මුදලින් ගෙවන්නේ නම් හැකි සෑම විටම නිවැරදිම මුදල (Exact amount) ලබා දීමට කටයුතු කිරීම
  • මුදල් කවුන්ටරයේ නිලධාරීන් සමග මාර්ග තත්ත්වයන් පිළිබඳ අනවශ්‍ය සාකච්ඡාවල නිරත වීමෙන් වැළකී සිටීම

එමෙන්ම "සාමාන්‍යයෙන් වාහනයකට මුදල් ගෙවා පිටවීමට ගත වන්නේ තත්පර 12ත් 15ත් අතර කාලයක් නමුත් රියදුරන් සූදානම් නොමැති වීම නිසා මෙම කාලය අනවශ්‍ය ලෙස ඉහළ යනවා," යැයි ඔහු පවසනවා.

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

විද්‍යුත් ගාස්තු අය කිරීමේ (ETC) පහසුකම දැනට පවතින්නේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පමණක් බවත්, එම පද්ධතිය භාවිතා කරන රියදුරන් ඇතුළුවීමේදී සහ පිටවීමේදී අනිවාර්යයෙන්ම ඒ සඳහා වෙන් කළ මංතීරුවල පමණක් ගමන් කළ යුතු බවත් ඔහු පවසයි. ETC භාවිතා කරන්නන් සාමාන්‍ය මංතීරුවලට පිවිසීමෙන් තාක්ෂණික ගැටලු මෙන්ම අනවශ්‍ය පෝලිම් නිර්මාණය වන බවත් වාර්තා වේ.