ලිංගික අපයෝජන හා මත්ද්‍රව්‍ය නිසා සුපිරි නළුවෙක් සියදිවි නසාගනී [PHOTOS]
ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම රූපවාහිනී කතා මාලාවක් ලෙස සැලකෙන 'The Wire' හි 'සිගී' (Ziggy) ගේ චරිතයට පණ පෙවූ අමෙරිකානු නළු ජේම්ස් රැන්සෝන් අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට ඔහු 46 වන වියේ පසුවූ අතර ලොස් ඇන්ජලීස් වෛද්‍ය පරීක්ෂක කාර්යාලය තහවුරු කර ඇති පරිදි, පසුගිය සිකුරාදා දින රැන්සෝන් දිවි නසා ගැනීමෙන් මියගොස් ඇත.
වසර ගණනාවක සිට ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ මානසික සෞඛ්‍ය ගැටලු සමග සටන් කරමින් සිටි බවත්, කුඩා කල ඔහු මුහුණ දුන් ලිංගික අපයෝජනයක් ඒ සඳහා බලපා ඇති බවත්, විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
ඔහුගේ වියෝව සම්බන්ධයෙන් හොලිවුඩයේ ප්‍රවීණයන් රැසක් සිය ශෝකය පළ කර ඇති අතර 'Generation Kill', 'It Chapter Two', 'The Black Phone' සහ 'Starlet' වැනි චිත්‍රපටවලට ඔහු රංගනයෙන් දායක වී ඇත.
බෝල්ටිමෝර් නගරය කේන්ද්‍ර කරගත් 'The Wire' කතා මාලාව හරහා ඔහු ලැබූ ජනප්‍රියත්වය ඔහුගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය වී ඇත.

