පිටියේදීම අවසන් හුස්ම හෙලූ ක්‍රිකට් තරුව

Cricket Pakistan World
By Zara Mar 18, 2025 05:30 PM GMT
Zara

Zara

Report

අද (18) දින ඕස්ට්‍රේලියාවේ පැවති ක්‍රිකට් සමාජ තරගයක් අතරතුර පිටියේදී ඇද වැටීමෙන් ,පාකිස්ථාන සම්භවයක් ඇති ක්‍රිකට් ක්‍රීඩක ජුනයිඩ් සෆාර් ඛාන් මිය ගොස් තිබෙනවා.

40 හැවිරිදි වියේ පසුවුන ඔහු මෙසේ බිම ඇද වැටීමෙන් මිය ගොස් ඇත්තේ, අධික උෂ්ණත්වය යටතේ පැවති තරඟයක් අතරතුරයි.

ඕවර 40ක් සඳහා පන්දු රැකීමෙන් සහ ඕවර හතක් පුරා පන්දුවට පහර දීමෙන් පසු, ඛාන් ඔස්ට්‍රේලියානු වේලාවෙන් සවස 4ට පමණ ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ඔස්ට්‍රේලියාව අධික උෂ්ණත්වයේ ග්‍රහණයට ලක්ව ඇති අතර කාලගුණ විද්‍යා කාර්යාංශයේ දත්තවලට සඳහන් කර ඇත්තේ, ඒ වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා වැඩි වූ බවයි.

Adelaide Turf Cricket සංගමයේ නීතිරීතිවලට අනුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ට වඩා ඉහළ ගියහොත් ක්‍රීඩා අවලංගු කිරීමේ හැකියාව පවතී.

තොරතුරු තාක්ෂණ සම්බන්ධ රැකියාවක් කිරීම සඳහා ඔහු 2013 දී පාකිස්ථානයේ සිට ඇඩිලේඩ් වෙත සංක්‍රමණය වූ බවටයි වාර්තා සඳහන් කරන්නේ.

සාමාන්‍ය පෙළ සිසුවෙකුට අත්වුණු අවාසනාවන්ත ඉරණම

සාමාන්‍ය පෙළ සිසුවෙකුට අත්වුණු අවාසනාවන්ත ඉරණම

විෂය නිර්දේශයට ගේන අලුත් විෂය මොකද්ද?

විෂය නිර්දේශයට ගේන අලුත් විෂය මොකද්ද?

ReeCha