සියලු සැලසුම් එළියට - ජනපති මැයි රැළියේදී කියපු කතාව (VIDEO)

Report

ඊයේ දින ගාලු මුවදොර පැවැත්වූ ජාතික ජන බලවේගයේ මැයි රැලියට සහභාගී වෙමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ රට ගොඩනැංවීමට අවශ්‍යනම් ඊට ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍ය බවත්, එම අත්තිවාරමට ප්‍රධානව කුළුණු සතරක් ඇති බවත්ය.

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE)

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE)

ශ්‍රී ලංකාව දැන් රුවල කැඩුණු නැවක් මෙන් යැයි පැවසූ ජනපති එම තත්වයෙන් මිදී ශක්තිමත් අත්තිවාරමක් සදහා විධිමත් වියමනක් යන තේමාව යටතේ ඔහුගේ ඉදිරි සැලැස්ම පිළිබද අදහස් ඉදිරිපත් කළා.ඊට අනුව,

1. අදූශිත දේශපාලනය

2. ජාතික සමගිය

3. විධිමත් රාජ්‍ය සේවය

4. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරිම, යන කුළුණු ශක්තිමත් කිරීමේ ජාතික ජන බලවේගයේ ඉදිරි වැඩපිළිවෙල ජනපති විසින් ජනතාවට පැහැදිලි කරදෙනු ලැබුවා.

ඊට අනුව අදූශිත දේශපාලනය මැඩලීමට පවුල් දේශපාලනය, දුෂිත හා ප්‍රතිපත්තිවලින් තොර දේශපාලනය,අසීමිත දේශපාලන බල බෙදීම ආදීය මුලිනුපුටා දමන බවත් මෙහිදී ඔහු වැඩිදුර අදහස් ප්‍රකාශ කළා.

දෙවන කරුණ ලෙස ජාතික සමගිය ඇති කිරීමට මිට පෙර පැවති බෙදිම්වාදී දේශපාලනය වෙනුවට සියලු ජාතින්, උතුර නැගෙනහිර සිංහල ආදී සියලු ජන කොටස් එකට එක් කරන සමගි නව දේශපාලනයක් ඇති කරන බවටත් ඒ සදහා ඔවුන්ට හිමි විය යුතු,

1 පුරවැසියන් ලෙස මුලික අයිතිවාසිකම්

2 භාෂාවේ අයිතිවාසිකම්

3 සංස්කෘතික අයිතිවාසිකම්

4 පාරම්පරික ඉඩම් අයිතිවාසිකම්

5 ජිවත් වීමේ මුලික අයිතිවාසිකම්, ආරක්ෂා කර තහවුරු කරන බවද ඔහු අදහස් ප්‍රකාශ කළේය.

තුන්වන කරුණ ලෙස රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම බව හා නොසැලකිලිමත්බාවය නිවැරදි කරන බවද ජනපති ජනතාව අමතමින් ප්‍රකාශ කළා.

හිරේ ඉන්න පිල්ලෙයාන්ට රනිල් කෝල් ගත්ත හේතුව මෙන්න!

හිරේ ඉන්න පිල්ලෙයාන්ට රනිල් කෝල් ගත්ත හේතුව මෙන්න!

අවසන් කුලුන ලෙස ඔහු සදහන් කළේ නීතියේ ආධිපත්‍යයි. උස් පහත් දුප්පත් පොහොසත් බලය ඇති බලය නැති ලෙස බෙදා නිතිය එකිනෙකාට වෙනස්ව ක්‍රියාත්මක කිරීම අවසන් බවත් කිසිදු භේදයකින් තොරව සියලු දෙනා නීතියට අවනත විය යුතු බවත් මෙහිදී ඔහු අදහස් ප්‍රකාශ කළා.

මේ ආකාරයට රට ගොඩ නැගීමේ ඉදිරි සැලැස්ම පැහැදිලි කළ ජනපති ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව කලු රටක් බවට පත්ව ඇති ආකාරයත් ජාතික ජන බලවේග ආණ්ඩුවේ සාර්ථක ක්‍රියාකලාපයන් හේතුවෙන් නවතා දමා තිබු ඉන්දීය,චීන,ජපන් වැඩසටහන් හා ව්‍යාපෘති නැවත ආරම්භ වන ආකාරයත් ජනපති සිහි කළේය.

you may like this video