මැතිවරණ නීති කඩන්නැයි මං කිවුවෙ නෑ - අගමැතිනි (VIDEO)

Election Commission of Sri Lanka Prime minister Harini Amarasuriya Local government Election Sinhala news
By Shehan May 06, 2025 10:37 AM GMT
Shehan

Shehan

Report

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට, මැතිවරණ නිහඬ කාලය තුළ තම ආධාරකරුවන් ප්‍රචාරක කටයුතුවලට පෙළඹවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇය ප්‍රතිචාර දක්වා ඇත.

අද (06) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ ඇය පැවසුවේ, තම ප්‍රකාශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදහස් නොකළ බවයි.

එසේම, තමන් නීති උල්ලංඝනය කළේ නම්, මැතිවරණ කොමිසමට අදාළ පියවර ගත හැකි බව ඇය සඳහන් කළාය.

ක්ලබ් වසන්ත youtube එකේ කිව දේවල් නිසා ඝාතනය කරා ලොකු පැටී සියල්ල වමාරයි.

ක්ලබ් වසන්ත youtube එකේ කිව දේවල් නිසා ඝාතනය කරා ලොකු පැටී සියල්ල වමාරයි.

“මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට මගේ කිසිදු අදහසක් තිබුණේ නැහැ. මම පැහැදිලිව කිව්වා, අපේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් අවසන් කළ යුතුයි. මගෙන් නීති උල්ලංඝනයක් සිදුවුණා නම්, මැතිවරණ කොමිසම ගන්නා ක්‍රියාමාර්ගවලට මම ගරු කරනවා. ඒවා මටත් අදාළයි. ජනතාව මේ ගැන අවධානයෙන් ඉන්න එක සහ සුළු වැරදි පවා පෙන්වා දීම මේ දේශපාලන වෙනසෙහි ලකුණක්,” යනුවෙන් ඇය පැවසුවාය.

පැෆරල් සංවිධානය, අගමැතිනිය නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ආධාරකරුවන් පෙළඹවූ බවට චෝදනා කරමින් මැතිවරණ කොමිසමට ලිපියක් යවා ඇත. මෙය මැතිවරණ නීති උල්ලංඝනයක් බව පෙන්වා දෙන එම සංවිධානය, අගමැතිනියගේ ක්‍රියාව පිළිබඳ විමර්ශනය කර සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

මහින්දානන්ද, ශෂීන්ද්‍ර දෙන්නම අත්අඩංගුවට..?

මහින්දානන්ද, ශෂීන්ද්‍ර දෙන්නම අත්අඩංගුවට..?


ReeCha