සාමාන්‍ය පෙළ සිසුවෙකුට අත්වුණු අවාසනාවන්ත ඉරණම

Sri Lanka G.C.E. (O/L) Examination School Children
By Zara Mar 18, 2025 04:00 PM GMT
Zara

Zara

Report

සිසුන් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ සිසුවෙකුට ශාරීරික අපහසුතා රැසක් මැද සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිදුවූ ඛේදනීය පුවතක් ගාල්ල ඉමදූව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ලෙසඳු සෙන්හිරු නම් සිසුවා ශාරීරික අපහසුතා දරාගනිමින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ පාසලක ඉගෙනුම ලබන මෙම දරුවා මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ලක් වන්නේ පසුගිය 06 වනදා සිය පාසල ඉදිරිපිටදී සිදුවූ ගැටුවමක් නිසාය.

මාලිමාවේ බොනිකර තරු පත්තු වෙයි! රනිල්ගේ අලුත්ම ෂොට් එක

මාලිමාවේ බොනිකර තරු පත්තු වෙයි! රනිල්ගේ අලුත්ම ෂොට් එක

පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ පැවැත්වෙන අතරවාරයෙදී සුළු ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස ලෙසඳුට ඔහුගේම වයසේ සිසුන් 8 දෙනෙක් පමණ ඔහුට පහර දී තිබෙනවා. 

පහර කෑමෙන් හිසට ඇතිවූ බරපතළ තුවාල සහිතව ලෙසඳු ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබනවා.

දින හයක් එහි ප්‍රතිකාර ලැබීමෙන් පසුව ලෙසඳු යළි නිවසට පැමිණෙන්නේ කෙසේ හෝ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදිමේ අදහස ඇතිවයි.

ඒ සඳහා ඔහුගේ දෙමව්පියන් සහ පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයෙනුත් උපකාර ලැබෙනු ඇත. කෙසේවෙතත් ඔහු විභාගයට මුහුණ දෙන්නට තරම් ශක්තිමත් විය.

ලෙසඳුට පහරදුන් පිරිස අතරින් බහුතරයක් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කළ බව පොලීසිය පැවසුවා. මෙලෙස දරුවන් අතර හටගන්නා සුළු සුළු ගැටුම් ඛේදවාවචකයන්ගෙන් අවසන්වීම ඉතා අවාසනාවන්ත කරුණක් බවට පත්ව තිබෙනවා.

කවුරුත් හොයන ලංකාවේ නිල් කොල්ලගේ තවත් තොරතුරු එක්ක සුපිරි ෆොටෝස් ටිකක් මෙන්න (PHOTOS)

කවුරුත් හොයන ලංකාවේ නිල් කොල්ලගේ තවත් තොරතුරු එක්ක සුපිරි ෆොටෝස් ටිකක් මෙන්න (PHOTOS)

කුඩුවෙන්න ගහලා! ඇඳුමත් ගලවගෙන!! හමුදා මේජර් රෝහලේ යකා නටයි

කුඩුවෙන්න ගහලා! ඇඳුමත් ගලවගෙන!! හමුදා මේජර් රෝහලේ යකා නටයි

ReeCha