පුතා පොල්ලකින් ගසා පියාව ඝාතනය කරයි..
By Akash
මකුළුගස්වැව පොලිස් වසමේ 04 කණුව, දේවහුව ලිපිනයේ නිවසක පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට 118 මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් අනුව මකුළු ගස්වැව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 52 ක් වූ 04 කණුව, දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. මරණකරු තම පුත්‍රයා සමඟ ඇති වූ ආරවුලක් මතපුත්‍රයා විසින් පියාට යකඩ පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇත. වයස අවුරුදු 32 ක් වන මරණකරුගේ පුත්‍රයා වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මකුළුගස්වැව පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.