නිල නොවන ප‍්‍රතිඵල විකාශය තහනම්..
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී සහතික කරන ලද නිල මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබා ගත යුතු වේ.
අදාළ ගෙවීම් සිදුකර ලියාපදිංචි වන විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා පමණක් සහතික කරනු ලබන ප්‍රතිඵල, ආරක්ෂිතපරිගණක ජාලයක් මඟින් එසැනින් ලබා දීමට අවශ්‍ය කටයුතු මැතිවරණ කොමිෂන් සභාව විසින් සම්පාදනය කර ඇත සියළුම විද්‍යුත් මාධ්‍ය (රූපවාහීනි. චන්ද්‍රිකා රූපවාහිනි, ගුවන් විදුලි, අන්තර්ජාල පුවත්පත්, වෙබ් අඩ වි, මුහුණු පොත (Facebook), YouTube, ජංගම දුරකථන මෙහෙයුම්, ජංගම දුරකථන කෙටි පණිවුඩ සේවා සහ වෙනත් සමාජ මාධ්‍ය ජාල) විසින් නිල නොවන ප්‍රතිඵල විකාශනය කිරීම හා ඒවා ප්‍රවර්ධනය කිරිම නොකළ යුතුය.
මැතිවරණ ප්‍රතිඵල විකාශන අයිතිය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විධිමත් ලෙස ලියාපදිංචි නොවන සියළුම විද්‍යුත් මාධ්‍ය ආයතන විසින් ප්‍රතිඵල එසැනින් ප්‍රචාරය කිරීමෙන් වැලකී සිටිය යුතු වේ.
