ආණ්ඩුවට අභියෝග කළ සජබෙ (VIDEO) (LIVE) (UPDATE)

SJB Sajith Premadasa May Day Sinhala news
By Kaushi May 01, 2025 12:15 PM GMT
Kaushi

Kaushi

Report

ලෝක කම්කරු දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය මඟින් පැවැත් වූ මැයි රැලියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රදේශයේ වතුකර ජනතාව සහභාගී විය.

මෙහිදී මැයි රැලිය ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ සමස්ත පළාත් පාලන ආයතනවලින් බහුතරය සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන බව පැවසීය.

දමිළ කම්කරු පෙරමුණේ නායක පලනි දිඝම්බරම් මහතා රැලියට අමතමින් කියා සිටියේ වතුකර ජනතා සහය එළඹෙන මැතිවරණයේදී සමගි ජන බලවේගයට ලබා දෙන බවයි.

----------------------------------------

ඉන්දියාවත් එක්ක හොරෙන් ගහපු ගිවිසුම් පස්වෙනිදටවත් එළියට දාන්න (6.22 PM)

''මේ මැතිවරණය අස්සෙම වැඩ බිම්වලට කම්කරුවන්ට, ගොවියන්ට සහ රටේ ජනතාවට හොර රහසේ ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් හත ගැන ඉක්මනින් හෙළි කරන්න. අඩුම තරමේ පස් වෙනිදා වෙනකොටවත් එළියට දාන්න" යනුවෙන් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති, පක්ෂයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී තුෂාර ඉඳුනිල් මහතා ආණ්ඩුවට පැවසුවේය.

ඒ අද පස්වරුවේ තලවකැලේ දී සමගි ජන බලවේගය මඟින් සංවිධානය කර තිබූ මැයි රැලියට එක් වෙමින්.

-------------------------------------------

හය වෙනිදයින් පසු ලයිට් බිල වැඩි වෙන බව සජිත් කියයි (3.54 PM)

විදුලි බිල ඡන්දෙන් පස්සෙ වැඩි කරන සැලසුමක් ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තලවකැලේ පැවති මැයි දින රැලියට එක් වෙමින්

-------------------------------------------

කම්කරුවන්ගේ අයිතිය තලවකැලෙන් ඇරඹු සජබේ (3.35 PM)

අද (01) සමගි ජන බලවේගය මගින් සංවිධාන කර තිබූ මැයි රැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විටත් තලවකැලේ නගරයේදී පැවැත් වේ. 

ReeCha