කට ඇරියොත් වැඩ වරදී !!!
2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිහඩ කාල සීමාව මේ වන විට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටිනවා.
එම නිහඩ කාල සීමාව තුළ අපේක්ෂකයින් ප්‍රවර්ධනය සහ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම තහනම් වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කර සිටියේ. අදාළ නිහඩ කාල සිමාව තුළ මැතිවරණ නිති උල්ලංඝනය කරන පිරිස් වෙනුවෙන් නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක කිරිමට සියලු කටයුතු සූදානම් බවද මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියා.
ඡන්ද මධ්‍යස්ථාන සදහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම පොලිස් ආරක්ෂාව යටතේ හෙට (05) උදැසන ආරම්භ කරන අතර, ඒ සදහා සියලු කටයුතු මේ වන විට සූදානම් බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ .
ඡන්ද විමසීමට අදාළව දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759 ක් ක්‍රියාත්මක වන අතර මැතිවරණය සදහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව හැත්තෑ දහසකට අධිකය.
මෙම පළාත් පාලන මැතිවරණය තුළින් පළාත් පාලන ආයතන 339 ක් වෙනුවෙන් සාමාජිකයන් තෝරා පත් කර ගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. මෙවර මැතිවරණයේ ඡන්ද විමසීම සදහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් හය දහස් තුන්සීය තිස් අටකි.
විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින් සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා .

