ගල්කිස්ස වෙඩි තැබීමේ CCTV දර්ශන මෙන්න.. මේකද රටේ ආරක්ෂාව ?

By Hashan May 05, 2025 06:45 AM GMT
Report

ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී අද සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය අසල නිවසක සවි කර තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.   

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදු කොට පලා යන අකාරය අදාළ දර්ශන වල සටහන් වී තිබෙනවා.  වෙඩි තැබීමට හේතුව තවමත් සොයා ගෙන නොමැති අතර අදාළ CCTV දර්ශන ඔස්සේ සැකකරුවන් හදුනා ගැනීමට වැඩිදුර විමර්ශන සිදු කරන බව ගල්කිස්ස පොලීසිය සදහන් කර සිටියා.   

අදාළ වෙඩි තැබීම අද ( 05 ) උදැසන සිදු වූ අතර වෙඩි වැදීමෙන් 19 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා .

බරපතල තුවාල ලැබූ  තරුණයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වී ඇත්තේ.    එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණකි.

ඓතිහාසික සංගීත ප්‍රසංගයකට එල්ල වීමට ගිය බෝම්බ ප්‍රහාරය

ඓතිහාසික සංගීත ප්‍රසංගයකට එල්ල වීමට ගිය බෝම්බ ප්‍රහාරය

වෙඩි තැබීමේ සිද්ධිය සිදු වූ ස්ථානයේ නවතම දර්ශන.