අපරාජිත ඉන්දීය කණ්ඩායමට දැවැන්ත පරාජයක් එක් කරමින් ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාව පාකිස්තානයට

Report

අපරාජිත ඉන්දීය කණ්ඩායම ලකුණු 191ක දැවැන්ත පරාජයකට ලක්කර වයස 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට පාකිස්තාත කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගය අද (21) දින ඩුබායිහිදී පැවැත් වුණා.

එහිදී අපරාජිත කණ්ඩායමක් ලෙස පැමිණි පාකිස්තානය මෙලෙස ආසියානු යොවුන් තරගාවලි ඉතිහාසයේ ශූරයන් වශයෙන් කිරුළු පැළදූ දෙවන අවස්ථාව මෙය වීම සුවිශේෂී විය.

එසේම අවසන්වරට ඔවුන් 2012 වසරේ දී සමශූරයන් වී ඇත. එමෙන්ම එවරද ඉන්දියාව සමඟින් අවසන් මහා තරගය ක්‍රීඩාකර තිබූ අතර, එහිදී ලකුණු සමවීම නිසා ශූරතාව කණ්ඩායම් දෙක අතර බෙදීගොස් තිබුණා.

ඉන්දියාවට ලකුණු 348ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 348ක ඉලක්කයක්

ඒ අනුව මෙහිදී පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 348ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු වශයෙන් ඉන්දියාවට පන්දුවාර 26.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 156ක් පමණක් විය.

මේ අතර මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 347ක් රැස්කිරීමට සමත් වී ඇත.  

ලෝක ශූරයෙකු වූ ඇන්තනි ජෝෂුවාගෙන් ප්‍රකට යූටියුබ් තරුවකට හකු ඇට බිඳෙන ප්‍රහාරයක් සමඟ තරග පරාජයක්

ලෝක ශූරයෙකු වූ ඇන්තනි ජෝෂුවාගෙන් ප්‍රකට යූටියුබ් තරුවකට හකු ඇට බිඳෙන ප්‍රහාරයක් සමඟ තරග පරාජයක්

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල තවදුරටත් ඉහළට

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල තවදුරටත් ඉහළට