ලෝක ශූරයෙකු වූ ඇන්තනි ජෝෂුවාගෙන් ප්‍රකට යූටියුබ් තරුවකට හකු ඇට බිඳෙන ප්‍රහාරයක් සමඟ තරග පරාජයක්

Report

සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා (Anthony Joshua) සහ ප්‍රකට යූටියුබ් තරුවක වන ජේක් පෝල් (Jake Paul) අතර පැවති දැවැන්ත බොක්සිං තරගයෙන් 6 වැනි වටයේදී ජේක් පෝල්ව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට ජෝෂුවා සමත්ව ඇත.

ඒ අනුව මියාමි හි කසෙයා මධ්‍යස්ථානයේ (Kaseya Center) පැවති මෙම තරගය ලොව පුරා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් නෙට්ෆ්ලික්ස් (Netflix) ඔස්සේ සජීවීව නරඹා ඇති බව වාර්තා වේ.

මෙහිදී තරගය ආරම්භයේ සිටම ජෝෂුවා ප්‍රබල ප්‍රහාර එල්ල කළද, ජේක් පෝල් ආරක්‍ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් තරගයේ ඉදිරියට යාමට උත්සාහ කළ බව පෙනෙන්නට තිබුණා.

පිට පිටම ලංකාවට ඇහෙන නරක ආරංචි - තවත් අනතුරු ඇඟවීමක්

පිට පිටම ලංකාවට ඇහෙන නරක ආරංචි - තවත් අනතුරු ඇඟවීමක්

එසේ වුවත් 6 වැනි වටයේදී ජෝෂුවා එල්ල කළ ප්‍රබල ප්‍රහාරයකින් (Right hand) පෝල් බිම ඇද වැටුණු අතර තරගය එතැනින් නිමා විය. තරගයෙන් අනතුරුව රෝහල් ගත කළ ජේක් පෝල්ගේ හකු ඇටය (Jaw) ස්ථාන දෙකකින් බිඳී ඇති බවත්, ඔහු සැත්කමකට භාජනය කළ බවත් වාර්තා වේ.

ජෝෂුවා තම ජයග්‍රහණයෙන් පසු අදහස් දක්වා ඇත්තේ එළඹෙන වසරේදී ඔහු ටයිසන් ෆියුරි (Tyson Fury) සමඟ තරග වැදීමට සූදානම් බවයි.

"මෙය මගේ හොඳම දක්ෂතාවය නෙවෙයි. ජේක් පෝල්ව මෙල්ල කර ඔහුට හානි කිරීමයි මගේ අරමුණ වුණේ. ඒකට බලාපොරොත්තු වූවාට වඩා කාලයක් ගියා. අවසානයේදී මගේ දකුණු ප්‍රහාරය නියම ඉලක්කයට වැදුණා." ඔහු පැවසුවා.

මේ අතර මෙම තරගය වෙනුවෙන් ජෝෂුවාට පවුම් මිලියන 210ක පමණ මුදලක් හිමිවන බව‍ සඳහන්.

එසේම ජේක් පෝල් පරාජය වුවද, හිටපු ලෝක ශූරයෙකුට එරෙහිව 6 වැනි වටය දක්වා තරගය රැගෙන යාම සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයින්ගේ දැඩි අවධානය යොමුව ඇත.

මීට පස්සේ රියදුරු බලපත්‍ර අලුත් කරන මූලික කාල සීමාවේ වෙනසක් - ඇමති බිමල්ගෙන් තීරණ 8ක්

මීට පස්සේ රියදුරු බලපත්‍ර අලුත් කරන මූලික කාල සීමාවේ වෙනසක් - ඇමති බිමල්ගෙන් තීරණ 8ක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්