ඉන්දියාවට ලකුණු 348ක ඉලක්කයක්
By R.rishma
වයස අවුරුදු 19න් පහළ ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලියේ (ACC Under-19 Asia Cup 2025) අවසන් මහා තරගය අද (21) එක්වූ එමිරේට්ස් ක්‍රිකට් තණතීරුවේදී පැවැත්වෙයි.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 347ක් රැස්කළේය.
ඒ අනුව ශූරතාව දිනාගැනීම සඳහා ඉන්දියාවට ලකුණු 348ක ඉලක්කයක් හිමිව තිබේ.
පාකිස්තාන ඉනිමේ වීරයා වූයේ ආරම්භක පිතිකරු සමීර් මින්හාස්ය. ඔහු පන්දු 113කින් හයේ පහර 9ක් සහ හතරේ පහර 17ක් සමගින් වේගවත් ලකුණු 172ක් රැස්කළේය. මෙය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.