මිද්දෙණියෙන් හමුවූ පද්මෙගේ බඩු ගැන පිස්සු හැදෙන කතාවක් - බඩු අද ගොඩ ගනී

Report

සංවිධානාත්මක අපරාධකාලී නායකයෙක් වන මේ වන විටත් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින කෙහෙල් බද්දර පද්මෙට අයිති නුවරඑළියේ අයිස් නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන වෙනුවෙන් රැගෙන ආ බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් මෙදනය ප්‍රදේශයේ වල දමා ඇති ඉඩමකදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

ඒ අනුව රස පරීක්ෂකයා විසින් ඒවා නිරීක්ෂණය කොට අද දිනයේදී (06)ගොඩ ගැනීමට නියමිත බව සඳහන්වෙයි.

මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුවේ වෙඩි තැබීමක්

කෙහෙල්බද්දර පද්මේ සමග අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත මිද්දෙණිය - ඇඹිලිපිටිය මාර්ගයේ නිවසක ඉඩමක තිබී එම රසායනික ද්‍රව්‍ය ගෙන්වු බව කියන බහාලුම් දෙකක් ඒ අනුව සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා.

එම බහාලු‍ම් දෙකෙහි කිලෝග්‍රෑම් 50,000කට පමණ අධික රසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර ඒ අනුව එම ස්ථානයේ ඇති රසායනික ද්‍රව්‍ය සොයා කැනීම් ආරම්භ කෙරුණා. එහිදී හුණුගල්වලට සමාන රසායනික ද්‍රව්‍ය මතු කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වුණා. එම රසායනික ද්‍රව්‍ය රැගත් බහාලුම් දෙක මේ වසරේ ජනවාරි මස 27 වැනිදා වරායෙන් මෙරටට ගෙන්වා තිබෙන බවට අනාවරණ වී තිබෙනවා.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු විසින් එම රසායනික ද්‍රව්‍ය තොගය මිද්දෙණිය ප්‍රදේශයට ගෙනවිත් තිබෙන බවයි විමර්ශනය නිලධාරීන් සදහන් කළේ. කෙහෙල්බද්දර පද්මේ සහ පානදුරේ කුඩු නිලංග විසින් එම ද්‍රව්‍ය මෙරටට එවීම සදහා මුදල් වියදම් කර ඇති බවට සැකකරන අතර එම තොගය මිද්දෙණිය ප්‍රදේශයට යවා ඇත්තේ බැකෝ සමන්ගේ සැලසුමකට අනුව බවද ඔවුන් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් බැකෝ සමන් තොරතුරු අනාවරණ කිරිමෙන් පසු ඔහු සමඟ පොලිස් නිලධාරීන් මිද්දෙණියට ගොස් තිබූ අතර එහීදී හිටපු මන්ත්‍රීවරයාගේ සහෝදරයාගේ නිවසට ද ගොස් තිබෙනවා. මෙම කන්ටේනර් දෙකෙහි ඇති ද්‍රව්‍ය තොගය අදාළ ඉඩමේ රැගෙනවිත් සූක්ෂම ලෙස වළ දමා තිබූ අතර ඊයේ එම ස්ථානය කොන්ක්‍රිට් දමා වසා දැමීමට සැලසුම් කර තිබුණා.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාරුයි - බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාරුයි - බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි.

සිද්ධියට සම්බන්ධ චෝදනා එල්ල වන පුද්ගලයා හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු වශයෙන් ද කටයුතු කර ඇති බවත්, ඔහු කලක සිට බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධව ද කටයුතු කර ඇති බවටත් විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබෙනවා. ඊයේ වළදමා තිබූ රසානායනික ද්‍රව්‍ය තොගය අන්තරායකර ඖෂධ පාලන අධිකාරීයේ නිලධාරීන් ද පැමිණ පරික්ෂාවට ලක් කළා.

එම නිලධාරීන් එම රසායනික ද්‍රව්‍යවල සාම්පල ද විමර්ශන සඳහා ලබාගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා එම රසායනික ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 200කට අධික වන අතර එම රසායනික ද්‍රව්‍ය තොගය යොදා ගනිමින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 - 300 ක් පමණ නිෂ්පාදනය කළ හැකියි.

මරදාන පංචිකාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු අත්අඩංගුවට

මරදාන පංචිකාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු අත්අඩංගුවට