බිලියන 2ක වටින පද්මෙගෙ බඩු මිද්දෙණියෙන් මතුවෙද්දීම ‘පොහොට්ටුවේ සහෝදරයෝ’ පලායති

Report

තලාව, මිද්දෙනිය ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක තොගයක්, බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (05) සිදු කළ වැටළීමකදී සොයා ගෙන ඇත.

පරීක්ෂණවලින් හෙළි වූයේ, මෙම රසායනික තොගය කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරටට ආනයනය කර ඇති බවයි. ඔහු මීට පෙර නුවරඑළියේ නිවසක් කුලියට ගෙන, පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකුගේ සහාය ඇතිව අයිස් නිෂ්පාදනයට යොමු වී තිබුණි.

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

‘බැකෝ සමන්’ නම් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරු මත මෙම වැටළීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

මෙම රසායනික ද්‍රව්‍ය තොගය අඟුණකොළපැලැස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන සම්පත් මනම්පෙරි සහ ඔහුගේ සහෝදරයා වන පියල් මනම්පෙරි විසින් සඟවා ඇති බවට පොලිසිය සැක කරයි.

පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බවට තොරතුරු ලැබීමෙන් පසු, සැකකරුවන් මෙම රසායනික තොගය බූම් ට්‍රක් රථයකින් මිද්දෙනිය ඉඩමට ප්‍රවාහනය කර ඇති බව විමර්ශකයන් පවසයි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

එම සහෝදරයන් එතැන් සිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

මෙම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් අයිස් කිලෝග්‍රෑම් 200ක් පමණ නිපදවිය හැකි බවත්, ඒවායේ වීදි වටිනාකම රුපියල් බිලියන 2ක් පමණ වන බවත් පොලිසිය ඇස්තමේන්තු කරයි. 

"ඩයස් පොරාවේ අතකොළුවක් වෙලා රට පාවා දෙන්න ආණ්ඩුව හැදුවත් අපි ඊට ඉඩ දෙන්නෙ නෑ"- නාමල්

"ඩයස් පොරාවේ අතකොළුවක් වෙලා රට පාවා දෙන්න ආණ්ඩුව හැදුවත් අපි ඊට ඉඩ දෙන්නෙ නෑ"- නාමල්