නිවාස 4000ක් කුඩුපට්ටම් සම්පුර්ණයෙන්ම විනාශ වෙලා
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇත.
වාර්තාවේ වැඩිදුරටත් සදහන් වන්නේ මෙම තත්ත්වය හේතුවෙන් තවත් නිවාස 76,066ක් අර්ධ හානි සිදුව ඇති බවයි. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් සම්පූර්ණ හානි වූ නිවාස අතුරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ නිවාස ගණන 1,800 කි. දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 573කි.
තෙවැනියට වැඩිම නිවාස හානි ගණනක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයේ විනාශ වූ නිවාස ගණන 480ක් බවත් එහි සඳහන් වේ. වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ අර්ධ වශයෙන් හානි වූ නිවාස වැඩිම ප්‍රමාණයක්ද වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 13,044කි.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 11,575ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 7,869ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 7,291ක් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 5,200ක්ද අර්ධ වශයෙන් හානි වී ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.