අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 3,500ක ආසන්න පිරිසක් අසරණ තත්ත්වයට

Report

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (14) නිවේදනය කළේය.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මඩකලපුව, කෝරලේපත්තු දකුණ ප්‍රදේශයෙන් එක් මරණයක් වාර්තා වී ඇති අතර නිවාස 88කට අර්ධ හානි සිදුව තිබේ.

පීඩාවට පත් පිරිස් අතරින් පුද්ගලයින් 1,310 දෙනෙකු මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථාන 8ක රඳවා සිටින අතර, වැඩිම බලපෑමක් එල්ල වී ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 1,264 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

අධි ගංවතුර තත්ත්වයක් නොවුණත් මේ ගංගාවල ජල මට්ටම අවදාන‍ය යොමු කළ යුතු මට්ටමක බව දැනුම්දෙයි

අධි ගංවතුර තත්ත්වයක් නොවුණත් මේ ගංගාවල ජල මට්ටම අවදාන‍ය යොමු කළ යුතු මට්ටමක බව දැනුම්දෙයි

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 19ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා ප්‍රකාශ කළේය.

අනුරාධපුර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර කලා ඔයට ජලය මුදාහරින අතර, ලුණුගම්වෙහෙර ජලාශයේ දොරටු 6ක් විවෘත කිරීම නිසා කිරිඳි ඔය පිටාර මට්ටමට පැමිණ තිබේ.

අඩු පීඩන කලාපය ලංකාවෙන් පිට වී නැහැ - ඉදිරි තත්ත්වය පිළිබඳව කාලගුණයෙන් දැනුම්දීමක්

අඩු පීඩන කලාපය ලංකාවෙන් පිට වී නැහැ - ඉදිරි තත්ත්වය පිළිබඳව කාලගුණයෙන් දැනුම්දීමක්

මීට අමතරව වෙහෙරගල, තිස්ස වැව, වීරවිල, යෝධ වැව සහ නාලන්ද ඇතුළු ජලාශ රැසක් වාන් දමමින් පවතින බැවින් එම ගංගා සහ වැව් ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.