අධි ගංවතුර තත්ත්වයක් නොවුණත් මේ ගංගාවල ජල මට්ටම අවදානය යොමු කළ යුතු මට්ටමක බව දැනුම්දෙයි
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කළු ගඟේ උප ගංඟා ද්රෝණින් වන මඟුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම් අවදානය යොමු කළ යුතු මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මඟුරු ගඟ, මඟුර ප්රදේශයෙන් සහ කුඩා ගඟ මිල්ලකන්ද ප්රදේශයෙන් අවධානය යොමුකළ යුතු මට්ටමට පැමිණ තිබෙන බවයි.
මේ අතර ඇදහැලෙන අධික වැසි සමඟ ප්රධාන ජලාශ 73න් 18ක් මේ වන විට වාන් දමමින් පවතින බව සඳහන්.
කෙසේ වුවද අධි ගංවතුර තත්ත්වයක් හෝ ප්රධාන ගංවතුර මට්ටමක් දක්වා වැඩිවීමට තරම් වර්ෂාපතනයක් මේ දක්වා ලැබී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බව සඳහන්.