පිඹුරකු සමඟ නැටූ අවුරුදු කුමරිය අත්අඩංගුවට ගන්න වනජීවියෙන් නියෝග

Report

ආරක්ෂිත සත්ත්වයෙකු වන පිඹුරෙකු කරේ දමාගෙන නර්තනයේ යෙදුණු බව කියන අවුරුදු කුමරිය වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩී.ජේ ප්‍රේමරත්න මහත්මිය අද (23) වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියෙකු විසින් සංවිධානය කරන ලද අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ උත්සවයකදී නෙත්මි හිරන්‍යා නමැති මෙම සැකකාර තරුණිය ආරක්ෂිත සත්ත්වයෙකු වන පිඹුරෙකු ප්‍රදර්ශනය කරමින් සත්ත්වයාට හිංසා වන පරිදි කටයුතු කර ඇති බවට වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

ට්‍රම්ප්ගෙන් ආ සුබ ආරංචියක් සමඟ බොරතෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගෙන් ආ සුබ ආරංචියක් සමඟ බොරතෙල් මිලත් පහළට

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා වනජීවී කාර්යාලයට පැමිණෙන ලෙස සැකකාරියට මීට පෙර දැනුම් දී තිබුණද, ඇය එය දිගින් දිගටම මඟ හරිමින් සිටින බව කොළඹ වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වනජීවී දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ මෙම පැමිණිල්ල සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වරෙන්තුව නිකුත් කරනු ලැබුවාය.

හෙට දිනයේ සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට දිනයේ සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්