විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදත් රනිල් හමුවේ

Report

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේත් (26) ගොස් ඇත. මෙලෙස සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බලන්නට ගියේ හතරවන වරට වීම විශේෂත්වයකි.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේ තර්ජන ගර්ජන මර්දන හරහා විපක්ෂය විනාශ කිරීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක බවයි.

නමුත් ඔවුන් ඒවාට බිය නොවන බාවත් නීතියේ ආධිපත්‍ය යුක්තිය හා සාධාරණය ඉටු වීමට ක්‍රියා කරන බවත් පැවසීය.

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

එමෙන්ම අද (26) දින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටීමට තිබුණද ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත අධිකරණයට'පැමිණීමේ අපහසුවක් පිලිබදව වෛද්‍යවරුන් අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගෙන් රනිල් වික්‍රමසිංහගේ අද අධිකරණ වාර්තාව පිළිබද ඇසීමේදී තමන් ඒ පිලිබදව නොදන්නා බවත් වෛද්‍යවරුන් මේ පිලිබදව පවසනාක් ඇතැයි ඔහු පැවසුවේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - කොළඹ නගරයේ මාර්ග වසා දමයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - කොළඹ නගරයේ මාර්ග වසා දමයි

 

එහිදී මාධ්‍යවේදීන් රටේ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබද විමසීමේදී එය ඉතා අයහපත් මට්ටමක ඇති බවත් ජනතාවද දැන් දැන් ප්‍රජාතන්ත්‍රවාදය හානි වන අයුරු දකින බවත් ඔහු පැවසුවේය.