ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

Report

ඊයේ දින බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අදහස් පල කලේය.

එහිදි ඔහු පැවසුවේ,

"රනිල් වික්‍රමසිංහ මහත්තයව උසාවි කැදවලා කියන එක විතරයි රටම දැනගෙන හිටියේ. ඔහුට එන්න කියන්නේ මොන චෝදනාවටද රිමාන්ඩ් වෙන්නෙ කවද්ද මේ වගේ දේවල් තීරණය කලේ උසාවියෙන්.මේ විතරක් නෙමෙයි පහුගිය කාලේ යටගහපු නඩු රාශියක් නැවත් පටන් අරන් තියෙනවා.ඒ නිසා මේකේ කිසිම දේශපාලන පලිගැනීමක් නෑ.

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

නීතිය ක්‍රියාත්මක වීමක් තියෙන්නෙ.රනිල්ලා රාජපක්ෂලා චන්ද්‍රිකාලා සහ ඒ වටේ ඉන්න වළල්ලත් ගොටු අල්ලන අයත් හිතුවෙ නෑ කවදාවත් රනිල්ලට නීතිට එයි කියලා.අද රනිල් වෙනුවෙන් නිවේදන නිකුත් කරන චන්ද්‍රිකා බණ්ඩාරනායක බටලන්ද ගැන කොමිසමක් දැම්මා.ඒ කොමිසමේ රනිල් සම්බන්ධ පැහැදිලි වග උත්තරකරුවෙක් විදිහට චෝදනා ලබලා තියෙනවා.අපි ඒ බටලන්ද පිලිබද කොමිෂන් වාර්තාව නීතිපතිට යවලා තියෙන්න.ඇයි මොවුන්ට මීට කලින් දඩුවම් නොදුන්නේ කියන එකට තමා පුදුම වෙන්න ඕනෙ.

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

හොරු කවද්ද හොරුව අල්ලන්නෙ. රනිල් නෙමෙයි රාජපක්ෂලා ඔක්කොම කිසිම තරාතිරමක් බලන්න අවශය නෑ නීතියට අනුව කටයුතු කරනවා. ඒ විදිහට නීත්‍යනුකූලව කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය ජනපති හා ආණ්ඩුව ලබා දෙනවා.මේ දූශිත පුද්ගලයා ලක්ශ 162ක් දවස් දෙකෙන් වියදම් කරනවා." යැයි ඔහු ඔහුගේ අදහස් ප්‍රකාශ කළේය.

පාසල් වැහෙයිද? ගුරුවරුත් වර්ජනයක් කරන්න සුදානම් වෙයි

පාසල් වැහෙයිද? ගුරුවරුත් වර්ජනයක් කරන්න සුදානම් වෙයි