දිට්වා නිසා ජනතාවට වඩා විපක්ෂය අසරණ වෙලා - විපක්ෂයට බිමල් දාපු කින්ඩිය

Report

ජනතාවට වඩා විපක්ෂය අසරණ වී ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල්බෝක්කුව ප්‍ර දේශයේ ප්‍රධාන මාර්ගය නායයෑමෙන් පසු එම මාර්ගය යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ආකාරය පිලිබදව නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමිනි.

කොත්මලේ ජලාශයේ වේල්ල විවෘත කිරීමට විපක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යවරයා සදහන් කර සිටියේ,

ලක්ෂ 3ක පිරිසක් මිය යයි ද? - ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

ලක්ෂ 3ක පිරිසක් මිය යයි ද? - ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

“ඇත්තටම ඉතින් දුක හිතෙනවා කියලා තමයි කියන්න වෙන්නේ ඒ ගොල්ලෝ ගැන. අපි දැකලා විපක්ෂයක් මේ ච්චර පහළට සහ මේච්චර දුක හිතෙන තත්වයට වැටිලා තියනවා. ඇත්තටම ඒ ගොල්ලෝ නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගත වෙලා තියනවා.

අපි ඇත්තට විපක්ෂයේ ඡන්දයෙන් පත් වෙච්ච මන්ත්‍රීන්තුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් ඔය ෆේස්බුක්වල, සෝෂල් මිඩියාවල කමෙන්ට වලට අහු වෙන්නේ නැතුව, පොළවට බැහැලා මිනිස්සුන්ට උදව් කරන්න. නැතුව එය කියන කතා වලින් කිසිම දෙයක් වෙන්නෙ නැ.

මම දැක්ක එක්කෙනෙක් කියලා තියනවා එස්.එම්.එස් ගහන්න. ඔබතුමාලා දන්නවා අපේ රටේ කිසිම ප්‍රධාන නිළධාරියෙක් අපි දේශපාලන වශයෙන් පත් කරලා නෑ. ඒක තමයි ඇත්ත. ඒක නිසා අපිට එහෙම වුවමනාවක් නැ අපේ රටේ නිළධාරීන් කොහොමත් වැඩ කරනවා. මීට ඒකයි කියන්න තියෙන්නේ. ඇත්තමට විපක්ෂය අසරණ වෙලා තියෙන්නේ ජනතාවට වඩා."

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පා.ම්. තුෂාර් ප්යසිංහ මහත්මිය, නුවරඑලිය දිස්ත්‍රික් පා.ම්. මංජුල සුරවීආරච්චි, මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සහ යුධ හමුදාවේ උසස් නිළධාරීන් රැසක් සහභාගි විය.

ආපදාව ගැන දැනගත්තම රජය උපරිම ක්‍රියාමාර්ග ගත්තා - ජලාශ ඇරීම - වැසීම අපේ වැඩක් නෙමෙයි - මාලිමා මන්ත‍්‍රී සුනිල්ට මල පනී

ආපදාව ගැන දැනගත්තම රජය උපරිම ක්‍රියාමාර්ග ගත්තා - ජලාශ ඇරීම - වැසීම අපේ වැඩක් නෙමෙයි - මාලිමා මන්ත‍්‍රී සුනිල්ට මල පනී