ආපදාව ගැන දැනගත්තම රජය උපරිම ක්‍රියාමාර්ග ගත්තා - ජලාශ ඇරීම - වැසීම අපේ වැඩක් නෙමෙයි - මාලිමා මන්ත‍්‍රී සුනිල්ට මල පනී
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ, ජලාශයන්හි වාන් දොරටු විවෘත කිරීම හෝ වැසීම වැනි තාක්ෂණික තීරණ කිසිසේත්ම දේශපාලන අධිකාරියට ගත හැකි දෙයක් නොවන බවයි.
එය සම්පූර්ණයෙන්ම වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ විශේෂඥත්වයට අයත් බවත් ඔහු අවධාරණය කළේය.
උත්සව සභාවක් අමතමින් මන්ත්‍රීවරයා පැවසුවේ,
“මොරගහකන්ද වගේ ජලාශයක් ඇරලා දාන්නද, වහලා තියන්නද කියලා තීරණය කරන්න මට, ඇමතිතුමාට, ජනාධිපතිතුමාට හෝ කැබිනට් මණ්ඩලයට කිසිම තාක්ෂණික දැනුමක් නෑ. ඒක හොඳින්ම දන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් පමණයි.”
ලංකාවේ ඉදිකළ ජලාශ කිසිදු එකක් ගංවතුර පාලනය සඳහා විශේෂයෙන් තැනූ ඒවා නොවන බැවින්, ඒවායේ ජල මට්ටම් කළමනාකරණය දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදුකළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
එසේම ආපදා අනතුරු ඇඟවීම් ලැබුණු දිනයම (25 වැනිදා) සිට රජය ලෙස උපරිම ක්‍රියාමාර්ග ගත් බවත්, ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගලාශ කළමනාකරණයෙන් තොරවම සිදුකළ බවත් මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.