බිහිසුණු අනතුරෙන් මෝටර් රථය අඩි 300ක් පමණ ප්රපාතයකට - එක් අයෙක් ජීවිතක්ෂයට දෙදෙනෙකුට බරපතළයි
බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්රපාතයෙන් වූ කෙසෙල්ගමු ඔයට අසලට පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුරින් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෝටර් රථයේ සිටි කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.
මෙම අනතුර සිදුව ඇත්තේ අද (17) දින උදෑසන 8.30ට පමණ හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේදීයි.
එසේම අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර රථයේ සිටි රියදුරා මාර්ගයෙන් ඉවතට පැමිණ අනතුර සම්බන්ධව බගවන්තලාව පොලීසිය වෙත දැනුවත් කිරීමක් කර තිබෙනවා.
මෙම අනතුරින් මියගිය පුද්ගලයා සහ තුවාල ලබා සිටි තිදෙනා මෝටර් රථය තුළ සිරවී සිටි බැවින් පසුව අවට වතු කම්කරුවන් සහ පොලිස් නිලධාරීන් දැඩි පරිශ්රමයක් දරා ඔවුන්ට පිටතට ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.