ඉන්දුනීසියා හෙලිකොප්ටර් අනතුරෙන් 8ක් මරුට
ඉන්දුනීසියාවේ බටහිර කලිමන්තන් පළාතේ ඝන වනාන්තරයක හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි අට දෙනාම මියගියහ. ඉන්දුනීසියානු ජාතික සෙවුම් ප්රකාශ කළේ, එයාර්බස් H130 T2 හෙලිකොප්ටරය අනතුරට පත්වී සියලුම ජීවිත අහිම් වී ඇති බවයි.
ඊයේ (16) උදෑසන මෙලාවි ප්රදේශයේ සිට්රා මහකෝටා පාම් තෙල් වතුවලින් ගුවන් ගත් හෙලිකොප්ටරය මිනිත්තු පහතකට පසු සම්බන්ධතා නැති විය. සෙකඩාවු ප්රදේශයේ නංගා ටමන් දිස්ත්රික්කයේ බෑවුම් සහිත කඳුකර භූමියක ඝන වනාන්තරයකට එය කඩා වැටී ඇති බව හෙලිකොප්ටරයේ වලිගය බවට සැක කෙරෙන සුන්බුන් සොයාගැනීමෙන් පසු බලධාරීන් තහවුරු කළහ.
හෙලිකොප්ටරය මැතිව් එයාර් නුසන්තාරා සමාගමට අයත් වූ අතර, එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ මගීන් හය දෙනෙකු ගමන් කර තිබූහ. අනතුරට හේතුව තවමත් හෙළිගෙන නැත.
අද (17) දින සෙවුම් කණ්ඩායම් මළ සිරුරු සහ සුන්බුන් ගලවා ගැනීමට උත්සාහ කරමින් සිටින බව බලධාරීන් සඳහන් කළහ.
අනතුර සිදුවූ ස්ථානයට හමුදාව සහ පොලිසිය ඇතුළු බේරාගැනීමේ කණ්ඩායම් ගොඩබිම් මාර්ගයෙන් ළඟාවීමට උත්සාහ කර තිබේ. මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.