සිගිත්තෙකුට දිවි අහිමි කල මාරක රිය අනතුර..

By Piyumika Sep 18, 2024 07:47 AM GMT
Report

පොළොන්නරුව මහියංගනය මාර්ගයේ ලත්පඳුර මංසන්ධියේ දී සිදු වූ අනතුරකින් වයස අවුරුදු එකහමාරක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තර්ජනාත්මක ඇමතුමක් ..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තර්ජනාත්මක ඇමතුමක් ..

පොලීසිය පැවසුවේ පොළොන්නරුවේ සිට මහියංගනය දෙසට ධාවන වූ වෑන් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ දරුවා, ඔහුගේ සහෝදරයෙකු, මව සහ ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් තිබේ.

මෙහෙම කතාවක් නම් කිසිම බිරිදකට කවදාවත්ම අහන්න ලැබෙන්න එපා...

මෙහෙම කතාවක් නම් කිසිම බිරිදකට කවදාවත්ම අහන්න ලැබෙන්න එපා...

පොලීසිය සඳහන් කළේ, අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.