පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තර්ජනාත්මක ඇමතුමක් ..
By Piyumika
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට ජංගම දුරකථන අංක දෙකක් භාවිතා කරමින් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු විසින් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ඒ මහතාට අද (18) අලුයම 12.30 සිට එම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණ බවත් එය ලබා දුන් දුරකථන අංක දෙක ද සමඟ පැමිණිලි කොට තිබේ .
එම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දෙනු ලැබූයේ කාන්තාවක් විසින් බවද පැමිණිල්ලේ සඳහන්ය .
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර නායක මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ .