ජනාධිපති අපේක්ෂකයින්ට තර්ජන?..බුද්ධි අංශයේ විශ්ලේෂණයක් ..

Report

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදීමට ප්‍රථම ඔවුන්ට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම සඳහා සියලුම බුද්ධි ඒකකවලින් බුද්ධි වාර්තා කැඳවා තිබෙන බව වාර්තාවේ .

ප්‍රසිද්ධ කලාකරුවන් කිහිප දෙනෙක් ඇතුළු 24ක් වහාම අත්අඩංගුවට ..

ප්‍රසිද්ධ කලාකරුවන් කිහිප දෙනෙක් ඇතුළු 24ක් වහාම අත්අඩංගුවට ..

එම බුද්ධි වාර්තා අනුව අපේක්ෂකයන්ට ඇති තර්ජනය ගැන වෙන වෙනම විශ්ලේෂණය කිරීමට තීරණය කර තිබේ.

මේ වන විටත් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන සිව් දෙනාට ඡන්දය පැවැත්වෙන කාලසීමාවේ ආරක්ෂාව සැපයීම සම්බන්ධව බුද්ධි වාර්තා කැඳවා ආරක්ෂාව සැපයිය යුතු ආකාරය පිළිබඳ විශ්ලේෂණය කරමින් ඇත.

අනෙකුත් අපේක්ෂකයන්ට ආරක්ෂාව සැපයීම ලබන 15 වෙනිදායින් පසුව තීරණය කිරීමටත්, දැනට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ආරක්ෂාව සැපයීමට ඔවුන්ට ඇති තර්ජනය විශ්ලේෂණය කිරීම සඳහා වෙන වෙනම බුද්ධි වර්තා කැඳවා තිබේ.

අම්පාරම බියෙන් සලිත කරවූ වෙඩි ප්‍රහාර..

අම්පාරම බියෙන් සලිත කරවූ වෙඩි ප්‍රහාර..

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග යන නිලධාරින්ගෙන් සමන්විතව ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සඳහා පත්කළ කමිටුව මගින් අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සැපයීමට ඔවුනට ඇති තර්ජනය විශ්ලේෂණය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

මෙම කමිටුව පසුගියදා මැතිවරණ කොමිසම සමග මේ සම්බන්ධව සාකච්ඡා පවත්වා ඇති අතර ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය නොවන පරිදි අපේක්ෂකයන්ට ආරක්ෂාව සැපයීම සම්බන්ධව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කර තිබේ .