''මට ඇත්තටම හිතුණා අපට කොහෙ හරි තැනක මිස් වුණාද කියලා , ඒ දේ හොයන්න තමා මම උත්සාහ කරන්නේ '' රට පුරාම වේගපන්දු යවන දක්ෂයෝ තෝරන මාලි

Report

හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ  අදහසක්     අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම වේගපන්දු යැවීමට  දක්ෂ   ක්‍රීඩකයන් තෝරා ගැනීමේ පළමු අදියර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (14) පෙරවරුවේ ආරම්භ විය.

ලසිත් මාලිංග සදහන් කළේ එහිදී කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8යි තත්පර 30 කාලයක් ඇතුළත නිමා කළ ක්‍රීඩකයින් පස්වරුවේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පන්දු යැවීමට යොමු කරන බවයි .

මේ සම්බන්ධව අදහස් දැක්වු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සදහන් කළේ මෙවන් අදහසක්

   ''ගාල්ල රත්ගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිදු ක්‍රීඩකයෙක් ආපු නැති ගමක් ඒ වෙනකොට . 2002 2003 වෙනකොට මට පුළුවන් වුණා ඒ වගෙ ගමක ඉදන් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරලා IPL ක්‍රීඩා කරලා රටට ටෙස්ට් වන්ඩේ තරග රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න . මට ඒ දවස් වලම හිතුනා රටට මං වගේ තව ක්‍රීඩා කරන්න පුළුවන් අය විසිරිලා ඇති කියලා .ඒකට අවස්ථාවක් හදන්න විදිහක් තිබ්බේ නැහැ පැවතුණු ලෝක කුසලානයත් එක්ක කතාවක් ඇති වුණා දැන් ක්‍රීඩා කරන්නේ දක්ෂ අය නෙමෙයි .ඊට වඩා දක්ෂ අය එළියේ ඉන්නවා කියලා .

මට ඇත්තටම හිතුණා අපට කොහෙ හරි තැනක මිස් වුණාද කියලා . ඒ දේ හොයන්න තමා මම උත්සාහ කරන්නේ . ක්‍රිකට් ආයතනය මට ගොඩක් සහය දැක්වුවා . ඒ නිසා මට දවසින් 3500ක් ලියාපදිංචි කර ගන්න හැකියාව ලැබුණා .වයස අවුරුදු 17 ත් 22 ත් අතර අය . ඒ වයස් සීමාව මම තෝරගත්තේ මට අවශ්‍ය ලංකාව වෙනුවෙන් අවුරුදු 10ක් ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයන් හින්දා ''

ලංකාවේ හෝටල් කාර්ය මණ්ඩල සාමාජිකාවක් එක්ක අයුතු ලෙස හැසිරුණු බවට ව්‍යාජ පුවත් පළ කළාට ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් මිලියන 100ක වන්දි ඉල්ලයි

ලංකාවේ හෝටල් කාර්ය මණ්ඩල සාමාජිකාවක් එක්ක අයුතු ලෙස හැසිරුණු බවට ව්‍යාජ පුවත් පළ කළාට ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් මිලියන 100ක වන්දි ඉල්ලයි

වයස අවුරුදු 3-5 අතර ළමුන් සඳහා මාර්ගගත ඉගැන්වීම් වලට එරෙහිව රජයෙන් අනතුරු ඇගවීම්

වයස අවුරුදු 3-5 අතර ළමුන් සඳහා මාර්ගගත ඉගැන්වීම් වලට එරෙහිව රජයෙන් අනතුරු ඇගවීම්