සාමාන්‍ය පෙළ ප්‍රතිපල ළගදීම - මාර්තු 12 සූදානම් වෙන්න
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2025/2026) විභාගය පෙබරවාරි 26 දින අවසන් විය. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම මාර්තු 12 වන දින ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව, පිළිතුරු පත්‍ර ඇගයීම අදියර තුනකින් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය.
පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර මාර්තු 12 සිට 23 දක්වාත්, දෙවන අදියර අප්‍රේල් 1 සිට 10 දක්වාත්, තෙවන අදියර විභාගය අප්‍රේල් 21 සිට මැයි 15 දක්වාත් පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන් 40,000 ක් පමණක් සහභාගී වීමට නියමිතය. 17 වන දින ආරම්භ වූ (2025/2026) සාමාන්‍ය පෙළ විභාගය 26 වන දින දක්වා පැවැත්වුණි.
මෙම විභාගය මධ්‍යස්ථාන 3,545 කදී පැවැත්වුණු අතර, පාසල් සිසුන් 3,82,249 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 69,214 ක් ඇතුළුව මුළු අපේක්ෂකයින් 4,51,463 ක් මෙවර විභාගය ලිවීමට සුදුසුකම් ලබා තිබුණි.