විදුහල්පති පුරප්පාඩු පිරවීම හා විදුහල්පති වැටුප් ගැන ආරංචියක් - අගමැතිනිය පැහැදිලි කරයි

Report

දිවයිනේ පාසල් විදුහල්පති පුරප්පාඩු පිරවීම සහ විදුහල්පති සේවය ශක්තිමත් කිරීම සඳහා විධිමත් පත්වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පවසා තිබේ.

විදුහල්පති සේවා සංගමයේ සාමාජිකයින් සමඟ ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේය. පාසල්වල දැනට පවතින විදුහල්පති පුරප්පාඩු මත පදනම්ව විධිමත් යාන්ත්‍රණයක් හරහා විදුහල්පතිවරුන් පත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේය.

රජයේ සේවකයින්ට සුභ ආරංචියක් - ලක්ෂ 30 දක්වා ණය ලබාදීමේ සූදානමක්

රජයේ සේවකයින්ට සුභ ආරංචියක් - ලක්ෂ 30 දක්වා ණය ලබාදීමේ සූදානමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා, අධ්‍යාපන විශේෂඥයින් සඳහා සතුටුදායක සහ සහායක සේවා පරිසරයක් නිර්මාණය කිරීම අවශ්‍ය වේ.

මෙම තත්ත්වය තුළ, විදුහල්පතිවරුන්ගේ උසස්වීම් සහ දිගු කලක් තිස්සේ පවතින වැටුප් විෂමතා විසඳීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා පවත්වනු ලැබේ.

ශ්‍රී ලාංකිකයන්ට ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයේ රැකියා - දහස් ගණනකට රැකියා අවස්ථා මෙන්න

ශ්‍රී ලාංකිකයන්ට ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයේ රැකියා - දහස් ගණනකට රැකියා අවස්ථා මෙන්න

මග බලන් හිටියා ඇති - ලාෆ්ස් ගෑස් හා ලිට්‍රෝ ගෑස් ගැන නිවේදනයක්

මග බලන් හිටියා ඇති - ලාෆ්ස් ගෑස් හා ලිට්‍රෝ ගෑස් ගැන නිවේදනයක්