තෙල් මිල යළි ඉහළ යයි...අද සිදුවූ දේ මෙන්න..

Sri Lanka Business World market Oil prices more
By Aruna Feb 21, 2022 03:35 AM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.34 ඉහළ ගිය අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි තෙල් බැරලයක මිල ද ඩොලර් 1.61කින් ඉහළ ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර දෛනික ඉන්ධන අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, සතියකට මෙට්‍රික් ටොන් 5,500ක්ව පැවැති ඩීසල් ඉල්ලුම මේ වන විට මෙට්‍රික් ටොන් 8,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම මෙට්‍රික් ටොන් 3,000ක්ව පැවැති පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික් 4,500ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

මෙය බරපතළ තත්ත්වයක් බව පෙන්වාදෙන සභාපතිවරයා මෙය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගතයුතු බවද සඳහන් කර සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now