බංකොලොත් භාවයෙන් මිදුණු ශ්‍රී ලංකාවක්?..

Sri Lanka Sri Lanka Bankrupt Economy of Sri Lanka
By Piyumika 10 months ago
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීම සම්බන්ධයෙන් ලබන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන 27 වනදා වන විට එම ප්‍රකාශය නිකුත් කිරීමට නියමිතව ඇති අතර ද්වීපාර්ශ්වික ණය හිමියන් සහ පෞද්ගලික බැදුම්කර හිමියන් සමඟ දෙවන වටයේ සාකච්ඡා අවසානයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඇතිකරගත් එකගතාවයට අනුව එය ප්‍රකාශ කෙරෙන බව සඳහන්ය.

මව සහ සොහොයුරා මරා මුහුදේ පනින්නට ගිය උපාධි අපේක්ෂකයෙක් අත්අඩංගුවට..

මව සහ සොහොයුරා මරා මුහුදේ පනින්නට ගිය උපාධි අපේක්ෂකයෙක් අත්අඩංගුවට..

මෙහිදී ශ්‍රී ලංකා රජය පැරිස් ක්ලබ් ඔෆ් නේෂන්ස් හි නිල ණය හිමියන්ගේ කමිටුව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ඇත.

චීනයේ අපනයන-ආනයන බැංකුව සහ ඇඩ් හොක් පෞද්ගලික බැදුම්කර හිමියන්ගේ කණ්ඩායම සමග ද ලබන 26 වන බදාදා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ.

2022 වසරේ අප්‍රේල් 12 වන දින ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත්භාවට පත්ව ඇති බවට නිවේදනය කෙරුණි .

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නිවසට හොරු පනී..

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නිවසට හොරු පනී..

ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවයට සහාය වීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට ඉන්දියාව සහ චීනය කැමැත්ත පළ කර ඇති අතර ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ගිවිසුම් සහතික කර ඇති බවද සඳහන් වේ.

ReeCha