තවත් සුබ ආරංචියක්. - සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම ගැන කැබිනට්ටුව ගත් තීරණය මෙන්න.

Ranil Wickremesinghe Sri Lanka Cabinet Government Of Sri Lanka Sri Lanka Banks
By Wayomi Jun 20, 2024 05:45 AM GMT
Wayomi

Wayomi

Report

2024 යල කන්නය සඳහා වී මිල දී ගැනීම පිණිස සහනදායි පොලී අනුපාතයක් යටතේ බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ වෙනසක්. - අලුත් චක්‍රලේඛනයට ලැබුණු තීන්දුව.

පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ වෙනසක්. - අලුත් චක්‍රලේඛනයට ලැබුණු තීන්දුව.


ඒ, අනුව 2023/24 මහ කන්නය සහ 2024 යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා සහනදායි පොලී අනුපාතයක් යටතේ බැංකු මඟින් ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස 2024- 01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් අනෙකුත් අදාළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී 2024 යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වී තිබෙනවා.

මොකෙක් හරි මන්ද බුද්දිකයෙක් කරණීය මෙත්ත සූත්‍රයත් කෙලෙසලා. - නිසි බලදාරීන් ගේ අවදානය යොමු වේවා!! - (VIDEO)

මොකෙක් හරි මන්ද බුද්දිකයෙක් කරණීය මෙත්ත සූත්‍රයත් කෙලෙසලා. - නිසි බලදාරීන් ගේ අවදානය යොමු වේවා!! - (VIDEO)


එම සාකච්ඡාවේදී එළඹ ඇති එකඟතාවන්ට අනුව 2024 යල කන්නයේදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් වෙත සහභාගිත්ව බැංකු ආයතන හරහා රුපියල් මිලියන 6,000ක ඔඩපණ ණය සහනදායී පොලී අනුපාතයක් මත නිකුත් කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ අනෙකුත් පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. 

මෙරට කර්මාන්තකරුවන්ට මෙන්න ජනපතිගෙන් සුබම සුබ ආරංචියක්. - අඩු පොලියට ණය ගන්න අලුත් තැනක්.

මෙරට කර්මාන්තකරුවන්ට මෙන්න ජනපතිගෙන් සුබම සුබ ආරංචියක්. - අඩු පොලියට ණය ගන්න අලුත් තැනක්.