බෙංගාල බොක්කේ නව අඩු පීඩන කලාපයක් - බහුදින ධීවර යාත්‍රාවලට රතු අනතුරු ඇඟවීමක්

Report

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ නිර්මාණය වී ඇති නව අඩු පීඩන කලාපය ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බැවින්, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වීමට ඉඩ පවතින අතර, ඔක්තෝබර් 26 වන දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව එය සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක් - පේරාදෙණිය හා ගම්පොල දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක් - පේරාදෙණිය හා ගම්පොල දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී තිබේ.

ජාතික හා පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු මෙන්න - පළාත් අනුව සංඛ්‍යාවත් අග්‍රාමාත්‍යවරිය හෙළිකරයි

ජාතික හා පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු මෙන්න - පළාත් අනුව සංඛ්‍යාවත් අග්‍රාමාත්‍යවරිය හෙළිකරයි

එමෙන්ම දැනට එකී මුහුදු ප්‍රදේශවල නිරතව සිටින ප්‍රජාවන් වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත්, ඉදිරියට නිකුත් කරන නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.