නිට්ටඹුව නගරයේ වෙළෙඳසැලක හදිසි ගින්නක් - නිවීමට ගිනිනිවන රථ 3ක්
By Mithu
නිට්ටඹුව නගරයේ පිහිටි වෙළෙඳසැලක අද (23) රාත්රී 7:30ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න පාලනය කර මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 3ක් යොදවා ඇති බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි.
ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.