දිස්ත්රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් - පැය 24ක් සඳහා වලංගු වේ
දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (23) පස්වරු 04:00 සිට හෙට (24) පස්වරු 04:00 දක්වා ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වන බව අදාළ සංවිධානය සඳහන් කරයි.
එබැවින් නායයාමේ අවදානම් සහිත කඳුකර හා බෑවුම් ප්රදේශවල ජීවත්වන ජනතාව, නායයාම් පූර්ව ලක්ෂණ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්ය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස, බදුල්ල දිස්ත්රික්කය:
* හපුතලේ * හල්දුම්මුල්ල * පස්සර * හාලි ඇල * ඌව පරණගම
කොළඹ දිස්ත්රික්කය: * පාදුක්ක * සීතාවක කලුතර දිස්ත්රික්කය: * හොරණ * මතුගම
මහනුවර දිස්ත්රික්කය: * යටිනුවර * උඩුනුවර * උඩුදුම්බර * දෙල්තොට * දොලුව * මිණිපේ * උඩපලාත * කුණ්ඩසාලේ * මැදදුම්බර
කෑගල්ල දිස්ත්රික්කය: * බුලත්කොහුපිටිය * යටියන්තොට * වරකාපොළ
කුරුණෑගල දිස්ත්රික්කය: * මාවතගම * ඉබ්බාගමුව * රිදීගම * ගනේවත්ත මොනරාගල දිස්ත්රික්කය: * මැදගම
නුවරඑළිය දිස්ත්රික්කය: * මතුරට * වලපනේ * හඟුරන්කෙත * නිල්දණ්ඩාහින්න * කොත්මලේ නැගෙනහිර * කොත්මලේ බටහිර
රත්නපුර දිස්ත්රික්කය: * අයගම * ඇහැලියගොඩ * වැලිගෙපොල * කලවාන * ඉඹුල්පේ * නිවිතිගල * කොලොන්න * බලන්ගොඩ * ගොඩකවෙල * කහවත්ත * ඕපනායක * පැල්මඩුල්ල
අනතුරු ඇඟවීමේ මට්ටම 2 ලෙස රත්නපුර දිස්ත්රික්කය:
* ඇලපාත * කුරුවිට * රත්නපුර කෑගල්ල දිස්ත්රික්කය: * මාවනැල්ල * දැරණියගල * රුවන්වැල්ල * දෙහිඕවිට * අරණායක නුවරඑළිය දිස්ත්රික්කය: * අඹගමුව * නෝර්වුඩ්