ශ්‍රී ලංකාව වාර්තාගත සුපිරි ජයග්‍රහණයෙන් සංගක්කාර සහ හුසේන් සතුටට පත්වෙයි [VIDEO]

Report

ලකුණු 429ක දැවැන්ත ඉලක්කයක් හඹාගොස් එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව, ශ්‍රී ලංකා පිලේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ ක්‍රීඩකයන්ට ලබාදිය යුතු ස්ථාවරත්වය පිළිබඳව හිටපු නායක කුමාර් සංගක්කාර සහ හිටපු එංගලන්ත නායක නසාර් හුසේන් ප්‍රශංසාත්මක අදහස් පළ කර තිබේ.

විශේෂයෙන්ම පවන් රත්නායකගේ පිතිකරණය, දසුන් ශානක ඉදිරියෙන් පිතිකරණයට යොමු කිරීම සහ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දිගුකාලීන අවස්ථා ලබාදීමේ වැදගත්කම ඔවුන්ගේ සාකච්ඡාවේදී කැපී පෙනුණි.

“ලෝක කුසලානය දක්වා ඔහුව කණ්ඩායමේ රඳවා ගන්න” පවන් රත්නායකගේ දක්ෂතා අගය කළ නසාර් හුසේන් පෙන්වා දුන්නේ, එංගලන්තය ඔහුට එරෙහිව කෙටි පන්දු යැවීමෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලබාගැනීමට නොහැකි වූ බවයි. “ඔහු එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට කැමතියි වගේ පෙනෙනවා. ඔහු දැන් ලබාගෙන ඇති ශතක දෙකම එංගලන්තයට එරෙහිවයි.ඔහුට දිගු කාලයක් කණ්ඩායමේ අවස්ථාව දිය යුතුයි. ඔහුගේ ස්ථානය නිතර නිතර වෙනස් නොකළ යුතුයි. ඔහුට ඉහළ දක්ෂතාවයක් තියෙනවා. ලෝක කුසලානය දක්වාම ඔහුව කණ්ඩායමේ රඳවා ගන්න,” යනුවෙන් හුසේන් සඳහන් කළේය.

ඊයෙ රටම සමරපු අතිවිශිෂ්ට ජයට සංගාගෙන් සටහනක් - පවන්, දසුන්, ජනිත් සහ අවිෂ්කගේ විශේෂ දක්ෂතාවලටත් සැලියුට් එකක්

ඊයෙ රටම සමරපු අතිවිශිෂ්ට ජයට සංගාගෙන් සටහනක් - පවන්, දසුන්, ජනිත් සහ අවිෂ්කගේ විශේෂ දක්ෂතාවලටත් සැලියුට් එකක්

එම අදහසට එකඟ වෙමින් සංගක්කාරද පැවසුවේ, ක්‍රීඩකයන්ට තමන්ගේ පිතිකරණ ස්ථානය සහ කණ්ඩායමේ ස්ථානය පිළිබඳ ස්ථාවරත්වයක් ලබාදීම ඔවුන්ගේ විශ්වාසය වර්ධනය කිරීමට වැදගත් වන බවයි.

“මුළු පුවරුවම වෙනස් කරන්න එපා” ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර අවධාරණය කළේ, ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම ගොඩනැඟීමේදී සියලු දේ වෙනස් කිරීම වෙනුවට අවශ්‍ය අංශ කිහිපයක් පමණක් නිවැරදි කරගැනීම වැදගත් බවයි. “නසාර් පැවසූ පරිදි, ලෝක කුසලානය වෙනුවෙන් ඔබ ගොඩනඟන ප්‍රහේලිකාවේ බොහෝ කොටස් දැන් නිවැරදි ස්ථානවල තිබෙනවා. සියුම්ව වෙනස් කළ යුතු ස්ථාන එකක් හෝ දෙකක් හඳුනාගන්න, නමුත් මුළු පුවරුවම වෙනස් කරන්න එපා,” යනුවෙන් ඔහු පැවසීය.

පසුගිය මාස තුන හතර තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාසය නිරීක්ෂණය කිරීමේදී, මෙම තරගයේදී වඩාත් හොඳ තීරණ ගැනීමේ ලක්ෂණ පැහැදිලිව දක්නට ලැබුණු බවද සංගක්කාර පෙන්වා දුන්නේය.

''ලකුණු 200ක් ගත්තත් ජයග්‍රහණය කරන්න බැරි වුණා'' - ලකුණු 430ක වාර්තාගත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව ගැන හැරී බෲක් කියූ කතාව

''ලකුණු 200ක් ගත්තත් ජයග්‍රහණය කරන්න බැරි වුණා'' - ලකුණු 430ක වාර්තාගත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව ගැන හැරී බෲක් කියූ කතාව

දසුන් ශානක ඉදිරියට යැවීම ගැන සංගක්කාරගෙන් පැහැදිලි කිරීමක් එංගලන්තයට එරෙහි තරගයේදී දසුන් ශානක පිතිකරණ ලැයිස්තුවේ ඉදිරියට යොමු කිරීම ශ්‍රී ලංකාවට විශාල වාසියක් වූ බව සංගක්කාරගේ අදහස විය.

පන්දු 50කදී නොදැවී ලකුණු 97ක් රැස් කළ ශානක, ලකුණු හඹායෑමේ ගමන්මඟ වෙනස් කළ බව ඔහු සඳහන් කළේය.

“නැවතත් ශානක ගැන පැවසූ කරුණට ආවොත්, පන්දු 50කින් නොදැවී ලකුණු 97ක් ලබාගැනීම අදහාගත නොහැකි ඉනිමක්. ඔහු ලකුණු හඹායෑමේ ගමන්මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළා,” යනුවෙන් සංගක්කාර පැවසීය.

වර්තමාන සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවන්ගේ ස්ථාන ස්ථිරව පවත්වාගෙන යෑමට වඩා, තරගයේ තත්ත්වය අනුව සුදුසුම ක්‍රීඩකයා නිවැරදි අවස්ථාවේදී පිටියට යැවීම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය. “ලකුණු 429ක් හඹායෑමට අතිවිශිෂ්ට උත්සාහයක් අවශ්‍යයි” ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතාව අගය කළ සංගක්කාර සඳහන් කළේ, අවිශ්ක ප්‍රනාන්දු සහ පවන් රත්නායක ලබාදුන් ශක්තිමත් ආරම්භය කණ්ඩායමට ඉලක්කය හඹායෑම සඳහා හොඳ පදනමක් සැකසූ බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන්ගෙන් සුවිශේෂී ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන්ගෙන් සුවිශේෂී ශතකයක්

එමෙන්ම, අවසන් අදියරේදී දසුන් ශානක සහ ජනිත් ලියනගේ දැක්වූ ප්‍රහාරාත්මක පිතිකරණයද ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබාදුන් බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණය විශිෂ්ට වුවද ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් දියුණු කරගත යුතු අංශ කිහිපයක් පවතින බව සංගක්කාර අවධාරණය කළේය.

නසාර් හුසේන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රශංසාවක් නසාර් හුසේන් පැවසුවේ ලකුණු 429ක් වැනි දැවැන්ත ඉලක්කයක් හඹායෑමේදී පන්දුවාර 50 පුරාම ඉතා ඉහළ මට්ටමේ ක්‍රීඩාවක් අවශ්‍ය වන බවයි.

“ඔබ ඒ වගේ ලකුණු සංඛ්‍යාවක් හඹායනවා නම් පන්දුවාර 50 පුරාම පරිපූර්ණ විය යුතුයි. ඔවුන් බොහෝ දුරට පරිපූර්ණ වුණා,” යනුවෙන් ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම අවසන් පන්දුවාරවලදී ලියනගේ දැක්වූ සන්සුන් බව සහ විශ්වාසය අගය කළ හුසේන්, එම අවස්ථාව මැරතන් තරගයක අවසන් අදියරට සමාන කළේය. “ඔහු අවසානයේ ස්ට්‍රයික් එකට ආපු වෙලාවේ ඔහුගේ ශරීර භාෂාව දෙස බැලූ විට, එය හරියට ‘මේක මට භාර දෙන්න මල්ලිලා’ කියනවා වගෙයි. ඔහු ඉතා සන්සුන්ව සහ ස්ථාවරව පෙනුණා,” යනුවෙන් ඔහු පැවසීය.

හුසේන් වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන රටක් වන අතර, මෙවැනි ජයග්‍රහණයක් කණ්ඩායමට මෙන්ම රටේ ක්‍රිකට් ලෝලීන්ටද වැදගත් බවයි.

හැරී බෲක් පිටිය සිසාරා පහර දෙමින් වේගවත්ම ලකුණු 200ත් වාර්තා කරයි - ශ්‍රී ලංකාවට ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක්

හැරී බෲක් පිටිය සිසාරා පහර දෙමින් වේගවත්ම ලකුණු 200ත් වාර්තා කරයි - ශ්‍රී ලංකාවට ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක්