දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක් - පේරාදෙණිය හා ගම්පොල දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

Report

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නායයෑමේ අවදානමක් මතුවීමත් සමඟ රඹුක්කන - පේරාදෙණිය සහ ගම්පොල අතර දුම්රිය ධාවනය හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

රඹුක්කන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නායයෑමක් සක්‍රිය වී ඇති අතර, පස් දුම්රිය මාර්ගයට සේදී ඒමේ අවදානමක්ද පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම අනතුරුදායක තත්ත්වය මඟහරවා ගනිමින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු මෙම දින දෙක තුළ සිදුකිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, අදාළ දින දෙක සඳහා මුදල් ගෙවා ආසන වෙන්කරවා ගත් මගීන්ට තමන් ගෙවූ සම්පූර්ණ මුදල ඕනෑම දුම්රිය ස්ථානයකින් නැවත ලබාගැනීමට පහසුකම් සලසා තිබේ. දුම්රිය ධාවනය අත්හිටුවීම හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව කණගාටුව පළ කරයි.

ජාතික හා පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු මෙන්න - පළාත් අනුව සංඛ්‍යාවත් අග්‍රාමාත්‍යවරිය හෙළිකරයි

ජාතික හා පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු මෙන්න - පළාත් අනුව සංඛ්‍යාවත් අග්‍රාමාත්‍යවරිය හෙළිකරයි

ලෝක නාවික ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් - සූවස් ඇළ යළි විවෘත වීමත් සමඟ හම්බන්තොට වරායට ඩොලර් කෝටි ගණනක අලුත් ව්‍යාපාරික වාසියක්

ලෝක නාවික ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් - සූවස් ඇළ යළි විවෘත වීමත් සමඟ හම්බන්තොට වරායට ඩොලර් කෝටි ගණනක අලුත් ව්‍යාපාරික වාසියක්