නාමල් හිරේ ගියත් පොහොට්ටුව නවතින්නේ නෑ - රට පුරා අලුත් දේශපාලන මෙහෙයුමක්
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටීම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතුවලට කිසිදු බාධාවක් වී නොමැති බව හිටපු රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී සිකුරාදා (23) පැවති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
සා.පෙළ ලියූ මේ සිසුන්ට සුබම සුබ ආරංචියක් - ඔක්තෝබර් 27 වැනිදා සිට නොවැම්බර් මස 06 වැනිදා දක්වා විශේෂ නිවේදනයක්
නාමල් රාජපක්ෂ මහතා සිරගත වීම හේතුවෙන් පක්ෂය දුර්වල වී ඇති බවට ඇතැම් පාර්ශ්වයන් සිතන්නේ නම් එය වැරදි අදහසක් බවත්, ඔහු සිරගතව සිටියද පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු ජ්යෙෂ්ඨ නායකයන් පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළට අවශ්ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබා දෙමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.
ඒ අනුව සාමාජික බඳවා ගැනීමේ කටයුතු වේගවත් කර ඇති අතර, රජයේ අඩුපාඩු ජනතාව හමුවේ ඉස්මතු කරමින් පුළුල් දේශපාලන වැඩසටහන් මාලාවක් ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ආසන මට්ටමේ රැස්වීම් ජ්යෙෂ්ඨ නායකයන්ගේ ප්රධානත්වයෙන් ලබන සතියේ සිට දිවයින පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව පැවසූ ශාන්ත බණ්ඩාර මහතා, අනුරාධපුරයේ පැවති රැලියට සමානව දකුණු පළාත කේන්ද්ර කරගනිමින් දැවැන්ත ජනතා රැලියක් පැවැත්වීමටද සැලසුම් කර ඇති බව අනාවරණය කළේය.
සියලු දේශපාලන වැඩසටහන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය සහ නාමල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ ක්රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.