විදෙස්ගත ශ්රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්ර ගැන සභානායක ඇමති බිමල් රත්නායකගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක්
විදෙස්ගත ශ්රී ලාංකික පුරවැසියන්ට මෙරට රියදුරු බලපත්ර ලබාගැනීම සහ භාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සභානායක ඇමති බිමල් රත්නායක විසින් කරුණු පැහැදිලි කර තිබේ.
ඔහු සඳහන් කළේ, වලංගු ශ්රී ලංකා රියදුරු බලපත්රයක් හිමි විදෙස්ගත ශ්රී ලාංකික පුරවැසියන්ට මෙරටට පැමිණි පසු එම බලපත්රය භාවිත කර රිය පැදවිය හැකි බවයි.
එමෙන්ම, විදේශයක රියදුරු බලපත්රයක් ලබාගැනීමේදී තම ශ්රී ලංකා රියදුරු බලපත්රය එරට බලධාරීන් වෙත භාරදී ඇති ශ්රී ලාංකික පුරවැසියන්ට, ඊට අදාළ ලේඛන ඉදිරිපත් කර මෙරට රියදුරු බලපත්රයක් ලබාගැනීමට හැකියාව ඇති බවද ඔහු පැවසීය.
තවද, විදෙස්ගතව සිටියදී තම ශ්රී ලංකා රියදුරු බලපත්රය අහිමි වූ පුරවැසියන්ටද සාමාන්ය ක්රියාපටිපාටිය අනුව අයදුම් කර නව බලපත්රයක් ලබාගැනීමට හැකි බව අමාත්යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, අදාළ නීතිමය සහ පරිපාලනමය ක්රියාපටිපාටි අනුගමනය කිරීමෙන් විදෙස්ගත ශ්රී ලාංකික පුරවැසියන්ට තම රියදුරු බලපත්ර සම්බන්ධ කටයුතු පහසුවෙන් සිදුකරගත හැකි බව සභානායක ඇමති බිමල් රත්නායක මහතා තවදුඅරටත් සඳහන් කළේය.