වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..

Report

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ බව සඳහන් කර ඇත්තේ මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ය.

වහාම ජනපති තීරණයක් අරන්.. පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවයි..

වහාම ජනපති තීරණයක් අරන්.. පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවයි..


එමෙන්ම, වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීමයි.

එය ක්‍රියාත්මක වූ බව සඳහන් වූ නමුදු අත්‍යවශ්‍යම පළාත වන බස්නාහිර පළාත සඳහා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

මාලිමා ආණ්ඩුවෙන්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මොකක්ද කරන්න යන්නේ?. ජනපති වහාම නිළධාරීන්ට දන්වයි..(PHOTO)

මාලිමා ආණ්ඩුවෙන්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මොකක්ද කරන්න යන්නේ?. ජනපති වහාම නිළධාරීන්ට දන්වයි..(PHOTO)


බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙකුගේ වාහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් මේ පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාව මැසිවිලි නගන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

පොලීසිය මහජන සහය පතයි.. දන්නවා නම් Call එකක් දෙන්න.. එකවරම කළ දැනුම්දීම මෙන්න..

පොලීසිය මහජන සහය පතයි.. දන්නවා නම් Call එකක් දෙන්න.. එකවරම කළ දැනුම්දීම මෙන්න..


මෙම දුෂ්කරතාවය පිළිබඳ අවධානය යොමු කරමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් දී ඇත්තේ, බස්නාහිර පළාත ද හැකි ඉක්මනින් අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන්නට අවශ්‍ය කටයුතු සඳහා අදාළ අංශවලට උපදෙස් දෙන ලෙස ය.