රියදුරාට නින්ද ගිහින් බිහිසුණු අනතුරක්

Report

මාතර සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා තරුණයන් පිරිසක් රැගෙන ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම වෑන් රථයේ ගමන් ගත් තරුණයක් 08 දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට අද (10) ඇතුළු කළ බව නානුඔය පොලිසිය පැවසීය.

ප්‍රසිද්ධ නිළියකගේ මළසිරුර දින 20කට පසු නිවස තුළින් හමුවේ - සිරුර භාරගැනීම පවුලෙන් ප්‍රතික්ෂේප කරයි

ප්‍රසිද්ධ නිළියකගේ මළසිරුර දින 20කට පසු නිවස තුළින් හමුවේ - සිරුර භාරගැනීම පවුලෙන් ප්‍රතික්ෂේප කරයි

අද (10) දින අලුයම මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේදීය.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

අනතුරින් තුවාල ලැබූ පිරිස ඩෙස්පෝඩ් ප්‍රදේශයේ වතුකම්කරුවන් ඇතුලු ප්‍රදේශවාසීන් එක්ව ගොඩගෙන රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත.

ඉන්දියාවට ප්‍රබල භූකම්පනයක් - ලංකාවටත් බලපායිද?

ඉන්දියාවට ප්‍රබල භූකම්පනයක් - ලංකාවටත් බලපායිද?

ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බව පොලීසිය කියයි.