හෙද නිළධාරී ප්‍රශ්ණය උඩුදුවයි - මුස්ලිම් හෙද නිලධාරිනියන්ගේ ඇඳුම් අවසරයට හෙද සංගමයේ විරෝධය

Report

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් රජයේ රෝහල්වල සේවය කරන, මුස්ලිම් ජාතික හෙද නිලධාරිනියන්ට සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට විරෝධය පළ කර ඇත.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ රජයේ රෝහල්වල හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම ප්‍රමිතියක් මත ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙමින් නිර්මාණය කරන ලද්දක් බවත්, කාගේ හෝ ඉල්ලීමකට සවන් දීමෙන් මෙම නිල ඇඳුම වෙනස් කිරීමට කටයුතු කරයි නම්, සංගමයක්  ලෙස ඊට විරෝධය පාමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවනු ඇති බවයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සිය ලිපිය තුළින් ඒ ඒ ආගම්වල පවතින සංස්කෘතික ලක්ෂණයන් අනුගමනය කරමින් පිළිගත් සම්ප්‍රදායන් අනුව සකස් කර ඇති නිල ඇඳුම වෙනස් කිරීමට එකඟ නොවෙන බව සදහන් කර තිබේ.

තව දුරටත් උන්වහන්සේ මේ තත්ත්වය මත, කවරකු හෝ හෙද සාත්තුවද වෙනස් කළ යුතු යැයි යෝජනාවක් ගෙන ආවොත් එයද කළ යුතුව ඇතැයි සඳහන් කර තිබේ.

අද සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

අද සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

එවගේම  ආනන්ද හිමියන් තව දුරටත් තමන් යොමු කළ ලිපියෙහි සදහන් කොට ඇත්තේ පිළිගත් සම්ප්‍රදායකට අනුව පවතින නිල ඇඳුම වෙනස් කරනවාට වඩා කාර්යක්ෂම හෙද සේවාවක් පවත්වාගෙන යාම සඳහා විසඳුම් ලබා දිය යුතු ප්‍රශ්න ගණනාවක් හෙද ක්ෂේත්‍රය තුළ පවතින බවයි

තවද විදේශ කටයුතු හා විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් මුස්ලිම් සිවිල් සංවිධාන නායකයන් සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

එහිදී ඇමැති විජිත හේරත් මහතා සදහන් කර ඇත්තේ , මුස්ලිම් ජාතික හෙදියන්ට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට නීතියෙන් කිසිදු බාධාවක් නැති බවයි. කවුරුන් හෝ එය ඇඳීමට විරෝධය පළ කළහොත් ඒ පිළිබද තමා දැනුවත් කරන ලෙසයි. 

මහ බැංකුවෙන් මුළු ලංකාවටම සතුටු හිතෙන පණිවුඩයක්

මහ බැංකුවෙන් මුළු ලංකාවටම සතුටු හිතෙන පණිවුඩයක්