මහ බැංකුවෙන් මුළු ලංකාවටම සතුටු හිතෙන පණිවුඩයක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේ වසරට නියමිත සියලුම මූල්‍ය ඉලක්ක ඉක්මවීමට හැකි බවට දැඩි විශ්වාසයක් ඇති බව ප්‍රකාශ කරයි. එසේම එය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනූව ආදායම, වියදම, ප්‍රාථමික අතිරික්තය සහ සමස්ත මූල්‍ය හිඟය ඇතුළුව මේ කටයුතු සිදුවනු ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙහි ප්‍රධාන සාධකය වාහන ආනයන බදු ආදායම බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතර රජය සිය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමේදී වාහන ආනයනය සහ එමගින් ලැබුණු බදු ආදායම සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.

අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක් - අලුත්ම මිල ගණන් මෙන්න

අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක් - අලුත්ම මිල ගණන් මෙන්න

ඒ අනුව '2025 මූල්‍ය ස්ථායිතා සමාලෝචනය' මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් "වැඩි වූ වාහන ආනයනය හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි ආදායමක් රජයට රැස් කර ගැනීමට හැකි වුණා. ඇත්ත වශයෙන්ම, රජය සිය ආදායම් ඉලක්කය ඉක්මවා ගොස් තිබෙනවා," යනුවෙන් ඔහු සඳහන් කළා.

ඔහු පවසන ලෙස දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ප්‍රතිශතයක් වශයෙන් ප්‍රාථමික අතිරික්තය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ආදායම හා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කරන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සමස්ත මූල්‍ය හිඟය යන ප්‍රධාන මූල්‍ය ඉලක්ක තුනම රජය ඉක්මවා යමින් ඇත.

එහිදී ඔහු අවධාරණය කළේ "මූල්‍ය කාර්ය සාධනයේ කෝණයෙන් බලන විට, ඉලක්ක කළ දේට වඩා වැඩි යමක් අප විසින් අත්පත් කර ගන්නා පළමු අවස්ථාව මෙයයි," යනුවෙන්.

තවද මහ බැංකුවෙන් වසර පහකට පසු පෙබරවාරි මාසයේදී වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමග මුලින් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ වාහන ආනයනයට මෙරටට 2025 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ වැය විය හැකි බවත් කියයි.

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

එසේම ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී මීට පෙර කළ ප්‍රකාශයක් ද අනුමත කරමින් ආචාර්ය වීරසිංහ සඳහන් කළේ වාහන ආනයනයට වන ඉහළ වියදම බාහිර අංශයේ ස්ථාවරත්වයට තර්ජනයක් නොවන බවයි.

මේ අතර "යළි විවෘත කිරීමෙන් පසු ඇති වූ ආරම්භක ඉල්ලුමේ වැඩිවීම දැන් අඩුවෙමින් පවතිනවා," යනුවෙන්ද පැවසුවා.

ඒ අනුව ලබන වසරේදී සාමාන්‍ය මට්ටමේ ආනයන අපේක්ෂා කරන බවත්, ගෙවුම් ශේෂයට අනවශ්‍ය පීඩනයක් ඇති නොවන බවත් මහ බැංකුව අපේක්ෂා කරන බව‍යි ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ.

එමෙන්ම වාහන ආනයනකරුවන් ද වාර්තා කර ඇත්තේ ආනයනය නැවත ආරම්භ කළ මුල් දිනවල පැවති මිල ගණන් මේ වන විට ලිහිල් වීමට පටන් ගෙන ඇති බවයි.

වාහන ගන්න හිටපු අයට දැන් තමයි වෙලාව - විශාල මිල පහළ යෑමක්

වාහන ගන්න හිටපු අයට දැන් තමයි වෙලාව - විශාල මිල පහළ යෑමක්