මාලිමා ආණ්ඩුව අඩු වියදමින් 77 වන නිදහස් දින උත්සවය සමරන්නේ මෙහෙමයි . - ඇමතිගෙන් ප්‍රකාශයක්.

Report

“ජාතික පුනරුදයට පෙළගැසෙමු”යන තේමාව යටතේ මෙවර 77 වන ජාතික නිදහස් දින සමරු උළෙල ලබන පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (30) නිදහස් දින සැමරුම් උත්සවයේ සූදානම පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, අඩු වියදමින් අභිමානවත් ලෙස මෙවර නිදහස් දින සැමරුන් උත්සවය පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බවයි.

එමෙන්ම ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී නිදහස් දින සැමරුම සඳහා යොදා ගන්නා යුද හමුදා නිලධාරීන් ප්‍රමාණය 40%කින් අඩු කර ඇති බවයි.

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බවත්, ඒ අනුව මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873කට සීමා වී ඇති අතර, ගිය වසරට සාපේක්ෂව හමුදා සමාජිකයින් 1,511දෙනෙකෙුගේ අඩුවීමක් බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසුවා.

මේ අතර මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිත බවත් පැවසු ආරක්ෂා ලේකම්වරයා ගිය වර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බව සඳහන් කළේය.

රෑට හැදෙන උදේ අතුරුදහන් වෙන පාස්පෝට් පෝළිම. - මාලිමා රජය පාස්පෝට් පෝළිම හංගන විදිහ හෙළි වුණේ මෙහෙමයි. - (VIDEO දර්ශන සහිතයි)

රෑට හැදෙන උදේ අතුරුදහන් වෙන පාස්පෝට් පෝළිම. - මාලිමා රජය පාස්පෝට් පෝළිම හංගන විදිහ හෙළි වුණේ මෙහෙමයි. - (VIDEO දර්ශන සහිතයි)


You May Like This Video