රෑට හැදෙන උදේ අතුරුදහන් වෙන පාස්පෝට් පෝළිම. - මාලිමා රජය පාස්පෝට් පෝළිම හංගන විදිහ හෙළි වුණේ මෙහෙමයි. - (VIDEO දර්ශන සහිතයි)
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ යළිත් දිගු පෝලිම් නිර්මාණය වී තිබෙන අතර එබැවින් තමන් ඉමහත් පීඩාවකට පත්ව සිටින බවට ජනතාව චෝදනා කරනවා.
එලෙස පෝලිම්වල රැඳී සිටින ජනතාව චෝදනා කරන්නේ, වේලාවක් වෙන්කරගෙන පැමිණියත් නිසි පරිදි සේවා ලබා ගැනීමට නොහැකි බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණ දින කිහිපයක් යන තැන එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් අමාත්‍යවරයා විදෙස් ගමන් බලපත්‍ර පෝලිම අවසන් කළ බව පවසමින් තමන්ව මුලා කළ බවටද ජනතාව චෝදනා කරනවා.
එමෙන්ම පාස්පෝට් හිගය හේතුවෙන් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පැවැති දිගු පෝලිම් පසුගිය මාස කිහිපයේ නතර වූ බවක් පෙන්නුම් කළත්, ඒ සිදුව ඇත්තේ පෝලිම් සැඟවීම බවත්, ඒ බව සමාජ මාධ්‍ය හරහා වීඩියෝ සාක්ෂි ඇතිව තහවුරු වූ බවත් ඔවුන් පවසනවා.